gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කසුන් කසුන් ඉක්මනට මෙහෙ එනවා" කාමරෙන් ඇසුණු අමුතුම කෙදිරිලි හඬ එක්ක බොස්ගෙ හඬ කාර්යාලයම දෙවනත් කරයි....අන්තිමට වුණ දේ මෙන්න

මේ කියන කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 07, වෝඩ් ප්‍රදේශයේ ය.

තරුණ තරුණියන් මෙන්ම මැදිවියේ අය ද මේ ආයතනයේ වැඩ ය. ඉකුත් දිනක කාර්යාල පරිශ්‍රය වෙනත් ස්ථානයකට ගෙන ගියේ ඔය අතර ය.

මේස පුටු, පරිගණක අලුත් ස්ථානවල සවි කළේ කොන්ත්‍රාත් සමාගමක් විසිනි.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි කාර්යාලයේ පුටු, මේස කම්පියුටර් ආදී කී නොකී දේවල් සවි කළේ සති අන්ත නිවාඩු දින දෙකේදී ය.

වැඩේ භාරගත් පිරිස දිවා රෑ නොබලා අලූත් කාර්යාල පරිශ්‍රය අපූරුවට සකසා දැම්මේ අඟහරුවාදා ය.

කාර්යාල සේවක සේවිකාවන් තම තමන්ට අයිති පුටුවල වාඩි වී වැඩ පටන් ගත්තේ එදින පෙරවරු 11.00ත් පසු වූ පසුව ය.

මේ කාර්යාල පරිශ්‍රයේ අංශ භාර ප්‍රධානියා ද හරිබරි ගැසී සිය වීදුරු කුටියේ පුටුව උඩ වාඩිවී පරිගණකය ක්‍රියාත්මක කළේය.

ඔහුට පරිගණකය පිළිබඳ මහ ලොකු දැනුමක් නැත.

මුළු කාර්යාල පරිශ්‍රයම දෙවනත් කරමින් අසැබි දර්ශන පෙළක් දිස්වූයේ එසැනිණි.

මොන තරම් ශබ්දය වැඩිවී තිබුණේ ද යත් එම කාර්යාල පරිශ්‍රයේ තරුණ තරුණියන් තම තමන්ගේ මේස යටට ඔළුව ගසා ගත්තේ බොස් අමාරුවේ වැටී ඇති බව වටහා ගෙනය.

"කසුන් කසුන් ඉක්මනට මෙහෙ එනවා" බොස් කෑගැසුවේ කම්පියුටරයෙන් නැගෙන ශබ්දය මැදය.

කසුන් ගොස් අසැබි දර්ශනත් ශබ්දයත් නිවා දැමීය.

‘‘අර කොන්ත්‍රාත්කාරයන්ගෙ ඉතිරි සල්ලි ගෙවන්න එපා’’ ආයතනයේ මුදල් කළමනාකරු වෙත ලිපියක් යොමු කළ ඔහු වරද කොන්ත්‍රාත්කරුවන්ට භාරදී ඇඟ බේරා ගත්තේ කාර්යාලය පුරා කසුකුසු පැතිර යද්දී ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka