gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්පා සහ ගෙස්ට් හවුස්වලින් මහරගම කප් ගහයි

මහරගම නගර සභා බලසීමාව තුළ ආයුර්වේද සම්භාහන මුවාවෙන් විවිධ අපචාර සිදුවන ස්පා මධ්‍යස්ථාන තුන්සියයකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් නීත්‍යනුකූල අවසරයකින් තොරව පවත්වාගෙන යන බවත් මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී (ශ්‍රී.ල.නි.ප) සමන් සේනාධීර මහතා පැවසීය.

මීට අමතරව ගෙස්ට් හවුස් දෙසීයකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන බවත් ස්පා සහ ගෙස්ට් හවුස් පන්සියයකට අධික ප්‍රමාණයක් බිහි වීමෙන් මහරගම බල සීමාවේ හතු පිපෙන්නාක් මෙන් ස්පා සහ ගෙස්ට් හවුස් බිහි වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

මඩිහේ පඤ්ඤාසීහ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රය, ගංගොඩවිල සෝම වැනි යතිවරයන් වහන්සේලා වැඩ සිටි ඉත්තෑපානේ ධම්මාලංකාර කොළොන්නාවේ ශ්‍රී සුමංගල වැනි මහා නාහිමිවරුන් වැඩ සිටින ගෞරවනීය පූජා නගරයක නියාමනයකින් තොරව මෙසේ ස්පා සහ ගෙස්ට් හවුස් බිහිවීම ආගමට දහමට පවා කරන බලවත් අගෞරවයක් බව ද පැවසේ.

මීට අමතරව විහාරස්ථාන 54ක පවත්වාගෙන යන දහම් පාසල්වලට හා පාසල් 26ක ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම 100කට ආසන්න පෙර පාසල්වලට ද මෙම ව්‍යාපාරය මරු පහරක් වී ඇති බව ද සමන් සේනාධීර මහතා පෙන්වා දෙයි.

ආයුර්වේද සම්බාහනය හා පංචකර්ම ප්‍රතිකාර ක්‍රම අනාදිමත් කලයක සිට පවත්වාගෙන ආ දේශීය වෛද්‍ය ක්‍රම වුව ද එම පිළිගත් වෛද්‍ය ක්‍රමය මුවාවෙන් මේ වන විට ගණිකා වෘත්තිය, මත්පැන්, ගංජා, හෙරොයින් හා අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමත් බහුලව දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

ඒ අතර පාසල් ළමුන් ද සිටීම අවාසනාවට කාරණාවක් බව ද මන්ත්‍රීවරයා කියා සිටී.

ගෙස්ට් හවුස් ආයතනයක් පවත්වාගෙන යාමට නම් පර්චස් 10 වඩා වැඩි භූමියක, නිවාස ආකෘතියෙන් බැහැරව ලැඟුම්හලක ස්වරූපයෙන් පවත්වාගෙන යා යුතු වුව ද ඇතැම් ස්ථාන එසේ නොවන බවත් මහජන විරෝධතා පවා මතු වූ ස්ථාන ඇති බවත් ඉන් බොහොමයක් නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන බවත් හිටපු නාගරික මන්ත්‍රී සමන් සේනාධීර මහතා වැඩිදුරටත් කියා සිටී.

මේ අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු රැඳී සිටීම, එම ආයතන ලියාපදිංචි කිරීම කළ යුතු වුවත් ඉන් සියයට 95ක් පමණ එම නීති උල්ලංඝනය කර ඇති බවත් නිසි පුහුණුවක් නොමැති සේවකයින් යොදවා මුදල් හම්බ කිරීමේ අරමුණින්ම මේවා පවත්වාගෙන යාම අභාග්‍යක් බවත් පැවසේ.

මේ හේතුවෙන් මහරගම පොලිසිය, නගර සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කොට සමාජ විරෝධී ක්‍රියා නැවැත්වීමටත් මෙවන් ස්ථාන නිසි නියාමනයකට ලක්කොට ඉදිරියේදී සිදුවිය හැකි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් සමාජය මුදවාලීමට අවශ්‍ය කටයුතු සලසන මෙන් හිටපු නාගරික මන්ත්‍රී සමන් සේනාධීර මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

කොට්ටාව – ප්‍රදීප් කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka