gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බය වෙන්න එපා අපේ ගෙදර එන්න.. අද හවස ගෙදර කවුරුත් නැහැ" වැන්දඹු මවගේ පහස සොයා ගිය තරුණයා නතර වුණ තැන...

වැන්දඹු කාන්තාවකගේ පහස සොයා ආ බව කියන 26 හැවිරිදි විවාහක තරුණයකු එම කාන්තාව විසින් අල්ලා අම්පාර උහන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට බාරදීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

කාන්තාව විසින් අල්ලා බාරදුන් එම තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි එක්තරා සංස්ථාවක සේවය කරන අයෙකි.

සැමියා මියගොස් සිටින 41 හැවිරිදි තිදරු මවක වූ මෙම කාන්තාව උහන පොලිස් වසමේ පදිංචිකාරියකි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර 3 කට පමණ ඉහත විවාහ වී ඇති අයෙක් බවත් ඔහුගේ (සැකකරුගේ) බිරිඳ විශ්ව විද්‍යාල සිසුවියක බවත් එම පොලිස් නිලධාරියා කීය.

පැමිණිලිකාර වැන්දඹු කාන්තාවට කිසියම් අයකු නිතර දුර කථනයෙන් කතා කර අයුතු යෝජනා කිරීමට පටන් ගෙන ඇති බව පොලිසිය කියයි.

එම පුද්ගලයා කරන යෝජනා වලට අකමැති බව වැන්දඹු කාන්තාව කොතරම් කීවත් ඒවා ගණන් නොගෙන එම පුද්ගලයා ඇයට අයුතු යෝජනා කිරීම නතර කර නොමැති බවද පොලිසිය පවසයි.

මොහුගෙන් බේරීමට කදිම උපායක් කල්පනා කළ වැන්දඹු කාන්තාව එම යෝජනාවට කැමැත්ත පළකර ඔහුට නිවසට පැමිණෙන ලෙස පවසා ඇති බව කියති.

තමා කළ යෝජනාවට කැමැත්ත පළ කිරීම නිසා සතුටින් ඉපිල ගිය බව කියා තරුණයා (සැකකරු) ජැන්ඩියට හැඳ පැළඳගෙන සුවඳ විලවුන් තවරාගෙන යතුරු පැදියකින් අම්පාරේ සිට උහන පොලිස් වසමේ පිහිටි කාන්තාවගේ නිවස සොයාගෙන පෙරේදා පැමිණ ඇත.

මේ අවස්ථාවේ කාන්තාව තරුණයාට පලායාමට නොහැකි ලෙස අල්ලාගෙන මේ බව අසල්වාසීන්ටද දැනුම්දීමෙන් පසු ඔවුන් ද ඇයගේ සහායට පැමිණ තිබෙන බව කියති.

උහන පොලිසියට මේ බව දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගනු ලැබීය.
(ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසූරිය)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka