gossip lanka

නන්දා මාලනීයන් ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන කතාවල ඇත්ත නැත්ත මෙන්න

නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇතැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන තොරතුරු සහ පුවත් අසත්‍යය යැයි වගකීමෙන් ප්‍රකාශ කරන බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සඳහන් කරනවා.

ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

ඇය යම් අසනීප තත්වයකින් පසුවන බව සත්‍යයක් වුවත්, මේ වනවිට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ගනිමින් සිටින ඇය කිසි ලෙසකත්, සමාජ මාධ්‍යයන් හි ඇති ලෙස අසාධ්‍ය තත්වයේ පසු නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
gossip lanka