gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සාප දෙනවා සත්තයි” – මුහුණු පොතේ පෝස්ටුවට මාධවී ඇන්තනීගෙන් සැර ප්‍රතිචාරයක්!

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන්ගේ එකම දියණිය මාධවී වත්සලා මුහුණුපොතේ ක්‍රියාකාරී සාමාජිකාවක්.

සිය පියා ගැන කිසියම් කෙනෙක් දොසක් නැගුවොත් මාධවී එයට ප්‍රතිචාර දක්වන්න දෙපාරක් හිතන චරිතයක් නෙවෙයි.

ජැක්සන් ඇන්තනීගේ ICU ඇඳේ කතාවටත් මාධවී උත්තර දීලා තිබ්බේ කට්ටියට කටඋත්තර නැති වෙන්නයි.

මාධවී වගේම අකිල ධනුද්ධරද ජැක්සන් වෙනුවෙන් සටහන් තබා සටන් කළා.

හැබැයි ජැක්සන්ගේ පොඩි පුතා සජිත අනුත්තර බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. එය බොහෝ දෙනෙක් අගය කරන්නත් අමතක කළේ නැහැ.

මේ කොහොම වුණත් ජැක්සන් දැන් හැමදේම අත්හැර ගොස් අවසන්.

නමුත් ඔහුව විවේචනය කරන පුද්ගලයින් එය තවම අවසන් කර නැහැ.

ඔහු අද අවසන් ගමන් ගියත් කයිකතන්දර හදන කට්ටිය ඒවා නවත්තන පාටක් නම් නැහැ.



‘නිදන් වස්තු හොරකමේ යන නිධන් හොරුන්ට පාතාල බහිරවය විවිධ ස්වරූප මවාගෙන, කොටියෙකුගේ හෝ අලියෙකුගේ ස්වරූපයෙන් පැමිණ පහර දෙනවා…!!’ යනුවෙන් ප්‍රශාන්ත මලවිගේ නම් අයෙක් සිය මුහුනුපොතේ ආන්දෝලනාත්මක සටහනක් තබනවා.

ඒකට සැර ප්‍රතිචාරයක් දක්වන්න මාධවී නම් පසුබට වන්නේ නැහැ.



‘ඔයා පව්කාරයෙක්. ඔයාට හෙන ගහන්න බහිරවයෝ ඔිනේ නෑ. ඉබේටම වෙයි මලවිගේ මහත්තයෝ. මෙහෙම කුණු බොරු සමාජ ගත කරනවට ඔයාට ඔයා අදහන සියලු දෙවිවරු සාප දෙනවා සත්තයි..!!’යනුවෙනුයි මාධවී එම සටහන තබන්නේ.



මාධවීගේ කමෙන්ටුවට අයෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණු අතර එම සටහන තැබූ ප්‍රශාන්ත මලවිගේ නැවත වතාවක් මෙසේ කියා සිටියා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka