ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකත් ශ්‍රී ලංකා ආබාධ ලැයිස්තුවට එක්ව සිටිනවා.
ඔහුගේ වැලමිටේ ආබාධය තවමත් සුව නොවීම මීට හේතුවයි.
වැලමිටේ ආබාධය හේතුවෙන් ශානක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පුහුණු තරගය වූ ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයට සහභාගී නොවුණු අතර, ඒ හේතුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් හට පැවරුණා.
කෙසේ වෙතත් ලෝක කුසලානයට සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස දසුන් කටයුතු කරන අතර, ඔහුගේ ආබාධය තවමත් සියයට සියයක් සුවවී නොමැති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය එළැඹෙන 07 වැනිදා නවදිල්ලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත අතර, නායකයා ලෙස දසුන් ඊට සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවනවා.
ලෝක කුසලාන තරගාවලියට පෙර සිටම ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්වූ අතර, වනිඳු හසරංග, මහීෂ් තීෂණ, ඩිල්ශාන් මධුශංක ඒ අතර සිටියා.
මින් වනිඳුට පළමු තරග කිහිපය අහිමි වනු ඇතැයි වාර්තා වනවා.