gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔහුත් මේක බලයි, මම ඇත්ත කියන්නෙ, මගේ ඇඟේ තිබුණු ඇඳුම ගැලවුවා ඒගොල්ලො...තිළිණි ප්‍රියමාලි ආන්දෝලනාත්මක හෙළිදරවුවක

ඒ සමයේ 'මාධ්‍ය' වඩා වැඩි කාලයක් එක්තරා 'යුවතියක්' වෙනුවෙන් වෙන් කරනු ලබනවා. (ඒක එහෙම් පිටින්ම අනවශ්‍ය දෙයක් වුණත්...) අනතුරුව ඈ 'දේශීය පුවත්' අතරේ පෙරමුණේ ම ඉන්න 'රාජිනිය' බවට පත්වෙනවා.

තවත් අතකින් ඇගේ කියන, ඈ පෙළඹුවා කියන නිරූපිකාවන්ගේ, නිළියන්ගේ 'හඬපට' පවා එළියට එනවා. (ඇය කැමරාව ඉදිරියේ හඬා වැටෙන වීඩියෝ පට පවා ඒ අතර වුණා...)

'ශාංගාර මූල්‍ය රැජින' ලෙස හැඳිනගත් ඈ 'මූල්‍ය වංචාකාරියක්' ලෙසින් 'මාධ්‍ය' හංවඩු ගැහුවා වුණත්, ඈ ට ඒ වෙනුවෙන් කියන්න තරම් වුණු 'නිදහසට කරුණු' බොහෝමයක් තිබුණා.

අවසානයේ 'ඇප මත' එළියට එන ඈ, ඇගේ 'ආරක්ෂකයා' (බොඩි ගාර්ඩ්) එක්ක 'යුගදිවි' අරඹනවා. (මේ කතාබහ ඇතුළේ ඈ ඒ ගැනත් කියනවා...)

පසුගිය දවසක තිළිණි ප්‍රියමාලි, රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සමඟ සම්මුඛ වෙමින්, ඇගේ 'පුද්ගලික ජීවිතේ' තොරතුරු බොහෝමයක් හෙළි පෙහෙළි කර තිබුණා.

'කලු සල්ලිකාරයෝ මං ගාව සල්ලි දැම්මා! නඩු දැම්මේ නැති කිහිප දෙනයි ඉන්නෙ. නඩු දාලා තියනවා, පත්තරවල ගියා කෝටි ගාණක් ඩුබායි යවලා කියලා. පැහැදිලිවම නෑ. ගොඩක් වැරදි මිනිස්සු දඟලනවා, නිවැරදි වෙන්න. මගේ ඇඟේ තිබ්බ ඇඳුම ගළවලා ඒගොල්ලන්ගේ විලි වහගත්තා.....'

තිළිණි දරු පැටවුන් තුන්දෙනෙක්ගේ 'අම්මා කෙනෙක්' කියන එක නොදන්නා කෙනෙකු නැහැ.

'අවුරුදු 20ක් පුතාට, 14ක් දුවට.. තව දරුවෙක් ඉන්නවා.'

තිළිණිගේ 'පළමු විවාහය' ඇය බොහෝම කුඩා අවධියේ වුණු එකක්. (ඒක හරියටම ඈ ජීවිතේ කියවන්නවත් නොදන්න කාලෙක...)

'මම පෙම්වතියක් වුණේ මගේ පළවැනි විවාහයෙන් පස්සෙ. මම ඇත්ත කියන්න පැකිළෙන් නෑ. ඔහුත් මේක බලයි. මම විවාහ වෙද්දි ගොඩක් පුංචියි. ආදරය කියන ඒක ගැනවත් දන් නෑ මම විවාහ වෙද්දි. පවුලේ තිබ්බ අඩුපාඩු විවාහ වෙන්න තරම් හේතුවක් වුණා....'

'සම්බන්ධතා තිබුණා. කරන්න හොදයි නම් ඇයි කියන්න බැරි? මොකටද අපි පැකිළෙන්නෙ?'

තිළිණිගේ 'ප්‍රවෘත්තිය' අන්තර්ජාලය අවුලවන සමයේ, ඈ එක්කලා 'තොදොල් වෙන' ව්‍යාපාරිකයෙකුගේ ඡායාරූපයකුත් හුවමාරු වන්නට වුණා. තිළිණි 'ඔහු' ගැනත් මේ විදිහට 'මතක' දිග හැර තිබුණා.

'ඒකත් අවුරුදු හතරක් තිබුණා. පස්සෙ ඒක බිඳිලා ගියා. පස්සෙ මට කියන්න වචන නැති තරම්... බොහෝම හොඳ හදවතක් තියෙන කෙනෙක් මුණ ගැහුනා. (ඇය මේ කියන්නෙ ඇගේ ආරක්ෂකයා ගැන...) ඉතින් එයා එක්ක විවාහ වුණා... මේ විවාහ වුණු දෙවැනි එක්කෙනා. ඔහු මගේ සියලුම ප්‍රශ්න මැද්දේ පුදුමාකාර වැඩ කන්දරාවක් කළා..'

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka