gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළමු පුහුණු තරගය ලංකාව කඩුලු 7කින් පරදියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් ඊයේ (29) ජය ගෙන තිබේ.

ගුවහටිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා ආරම්භ කළ අතර කුසල් ජනිට ලකුණු 34ක් ලබා සිටියදී උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 64කින් ලකුණු 68ක් රැස් කළේ ය.

ඒ 4 පහර 8ක් සහ 6 පහරක් සමඟය.

ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළේ ය.

මෙහිදී හසන් ලකුණු 36ට කඩුලු 3ක් බිඳහෙළීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම  සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළේ ය.

බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළේ ටන්සිඩ් හසන් සහ ලිටන් ඩාස්.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

ලිටන් ඩාස් ලකුණු 61යි.

හසන් ලකුණු 84ක් රැස් කළ අතර එයට 4 පහර 10ක් සහ 6 පහර 2ක්ද එක් කළේ​ය.

ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය  බංග්ලාදේශය කඩුලු 3ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka