gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“දෙවියන්ට සහ රසිකයින්ට ස්තූතිවන්ත වෙන්න කාටවත් සීරීමක්වත් නෑ” - රොෂාන් ප්‍රනාන්දු මුහුණු පොතින් රසිකයින් අමතයි (VIDEO)

ඊශ්‍රායලේ පැවති සංගීත ප්‍රසංගය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව Flashback සංගීත කණ්ඩායම යළි දිවයිනට පැමිණිමට සුදානමින් ගුවන් තොටුපළේ රැඳි සිටිය දී එහි නායක රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් මුහුණු පොත ඔස්සේ සජීවිව සිය ප්‍රේක්ෂකයින් අමතා සිටියා.

ප්‍රසංගය අතරතුර සුළු අනතුරක් සිදුවූ බවත් දෙවියන්ට සහ රසිකයින්ට ස්තූතිවන්ත වෙන්න කිසිවෙකුටත් කරදරයක් නොමැති බවත් එහිදි සිය ප්‍රේක්ෂකයින් අමතමින් ඔහු කියා සිටියා.

“ අපි වෙනුවෙන් ගොඩාක් Calls ආවා..Msg ආවා.. ඇත්තටම කිසිම කරදරයක් නෑ.. සීරිමක්වත් නෑ.. Thank You.. අපේ බඩුවලටවත් කිසිම අනතුරක් නෑ.. ඒ තමයි අපේ රසිකයින්ගෙන් අපිට ලැබෙන ආදරය, ආශිර්වාදය.. Thank You...”

ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගය අතුරතුර වේදිකාවේ තිබූ වීඩියෝ පුවරුව (Video wall) කඩා වැටීමෙන් අනතුරක් සිදුවුණා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර එය යථා තත්ත්වය පත්කිරීමෙන් පසු යළිත් එම ප්‍රසංගය පැවැත්වූ බවයි ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා අප වෙත කියා සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka