gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් – RM පාර්ක්ස් ලබන මස තෙල් බෙදාහැරීම අරඹයි

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. RM Parks සමාගම යනු ලෝ ප්‍රකට Shell PLC සමූහය යටතේ ක්‍රියාත්මක වන සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හරිනු ලබන සිව්වන සමාගම බවට පත්වේ.

RM Parks සමාගම තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් තුලින් ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිත අතර ඔවුන් විසින් පසුව ඉන්ධන හල් 50ක් විවෘත කිරීමට අපේක්ෂිතය. ඒ අනුව RM Parks සමාගම සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් ඉන්ධන පිරවුම්හලක් සහ නාගරික ප්‍රදේශයන්හී බහුවිධ බෙදාහැරීමේ ස්ථාන ඉදිකරනු ඇත. RM Parks සමාගම ද සිය ඉන්ධන වට්ටම් මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට අපේක්ෂිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා RM Parks සමාගම පසුගිය ජුනි මාසයේදී වසර 20ක ගිවිසුමක් අත්සන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka