gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය වර්ජනය අස්සේ හොඳම මිතුරාගේ බිරිය, වෘත්තිය සමිති කාර්යාලයට ගෙන්නලා!

හොඳම මිතුරාගේ බිරිඳ සමගින් අනියම් ඇසුරක් පවත්වා ඇය තම වෘත්තිය සමිති කාර්යාලය වෙත ගෙන්වා ගත් පුද්ගලයකු මිතුරාගේ පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර දියගහ පදිංචි ඉන්දික හේමන්ත නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු දුම්රිය තාක්ෂණ ශිල්පියෙකු වන අතර රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තු කාර්යාලයේ පිහිටි දුම්රිය තාක්ෂණ ශිල්පී සංගම් කාර්යාලයේ පදිංචිව සිට ඇත.

සිය මිතුරාද දුම්රිය තාක්ෂණ ශිල්පියෙකු වන අතර ඔහුද පදිංචිව ඇත්තේ රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ පිහිටි නිල නිවසකය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 12 වැනිදා දහවල් සිය බිරිඳ ඔහුගේ කාර්යාලයට ගෙන්වා ගත් බව දැනගත් මිතුරා බිරිඳගේ පියාද සමගින් එම ස්ථානයට ගොස් කාමරයේ දොරගුළු බිඳ ඇතුළු වී තිබේ.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාම එහි සිට ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.    

මේ අවස්ථාවේ ඔහු තම බිරිඳට පහරදී මිතුරා පදිංචි කාර්යාල කුටියේ තිබූ පුටුවකින් මිතුරාටද පහරදී ඇත.

පසුව පිහියක් ගෙන පපුවට ඇනුම් දෙකක්ද සිදුකර ඇත.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබ සිටි පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඝාතනයට අදාළ දුම්රිය තාක්ෂණ ශිල්පියා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka