gossip lanka

පුෂ්පා රම්‍යානී ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව වෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ” ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය , කාළය , ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව ඇය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින එදා ප්ලොරන්ස් නයිටිංගේල්ගේ ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කිරීමෙන් පසුව , ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක්.

”ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙද නිලධාරීන් 75,000 ක් අවශ්‍යයි. දැනට ඉන්නේ 38,000 ක් වැනි ප්‍රමාණයක්. මේ නිසා රෝහල් වෙත පිවිසෙන රෝගීන්ට පූර්ණ හෙද සත්කාරයක් කිරීමට අවකාශයක් නැහැ. ලංකාවේ වෛද්‍යවරුන් පමණක් නොව හෙද නිලධාරීන් ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල සේවය සදහා විශාල වශයෙන් ඇදී යනවා. වසර කීපයකට පෙර එකවර හෙද සේවය සදහා 5,000ක් බදවා ගත්තා. ඔවුන් ඉදිරි වසර වලදී විශ්‍රාම ගැනීමට නියමිතයි ලංකාවේ හෙද සේවයට මේ නිසා එකවර 5,000ක් අහිමි වීමට නියමිතයි. එබැවින් ශ්‍රී ලංකාවේ හෙද සේවය ද සීඝ්‍ර කඩා වැටීමකට ලක් වෙනවා”යැයි ඇය කියා සිටියා.
gossip lanka