කිලිනොච්චිය මලයාලපුරම් අයියන්කුලම් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගොස් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර එම ප්‍රදේශයේ වැවේ ගිලී තිබියදී ඊයේ (15දා) සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල් (91499) සුභසිංහ ලියනගේ ජනක චතුරංග නමැති 28 හැවිරිදි නිලධාරියෙකි.
කිලිනොච්චිය අලයාලපුරම් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට පොලිස් නිලධාරීහු ඉකුත් 14 වැනිදා ගොස් සිටියහ.
නීති විරෝධී මත්පැන් බැරල් තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම නිලධාරියා එම ප්‍රදේශයේ වැවක් ආශ්‍රිතව තවත් මත්පැන් බැරල් සෙවීමට ගොස් තිබිණි.
පසුව මෙම නිලධාරියා අතුරුදන් වූ අතර ඔහු සෙවීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය විමර්ශන ආරම්භ කෙරිණි. ඊයේ පෙරවරුවේ මෙම නිලධාරියාගේ මළ සිරුර වැවේ මඩ සහිත ප්‍රදේශයක එරී තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි.
මියගිය නිලධාරියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ