gossip lanka

වඳ කොත්තු වලින් පසු කරලියට එන ප්ලාස්ටික් බිත්තර – ඇත්ත කතාව මෙන්න

ලංකාවේ ප්‍රකට අවන්හල් ජාලයක දකුණු පළාතේ පිහිටි ශාඛාවකින් මිලදී ගත් කෙටි ආහාරයක් තුළ රසායනික ද්‍රව්‍ය හෝ ප්ලාස්ටික් යොදාගෙන කෘත්‍රීමව සකස් කළ බිත්තරයක් හමු වූ බව⁣ට වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මීට අමතරව පසුගිය කාලය පුරා කෘත්‍රීම බිත්තර සම්බන්ධ කතාබහක් මතු වී තිබුණේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමඟයි.

කෙසේ වෙතත්, ෆ්ලොරීඩා තාක්ෂණ ආයතනයේ රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක් වන පවිත්‍රා පතිරත්න විසින් ප්ලාස්ටික් බිත්තර සම්බන්ධව පැහැදිලි කරමින් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“‼️ 🥚 ප්ලාසිටික් බිත්තර 🥚‼️

ලංකාවේ අලුත්ම හිට් එක “ප්ලාසිටික් බිත්තර” ගැන මගේ සත දෙක කියන්න හදන්නේ 🤭 මේක කියන්නේ අවුරුදු බර ගානක් chemicals එහෙම නැත්තන් රසායනික ද්‍රව්‍ය එක්කම ජීවිතේ ගෙවෙන කෙනෙක් නිසා හොඳෙ 🤭

ලංකාවේ සමහර අය හිතන් ඉන්න තරම් මේ chemicals කියන ජාති ලාභ නෑ, කවුරුත් පිනට දෙන්නෙත් නැ (unless those are expired)🤭 මේ ගනන් ජාති කීපයක් එකතු කරලා කන්න පුළුවන් විදියට බිත්තරයක් හදනවා කියන එකක් මේ ලෝකේ නැති වුනාට එහෙම කාට හරි කරන්න හිතුනොත් ඒ බිත්තරේ විකුණණ්න වෙන්නේ ඇමෙරිකාව, ජපානේ වගේ සල්ලි තියෙන රටවල් වල සල්ලි උතුරන්න තියෙන මිනිස්සුන්ට විතරයි🤭 රැපියල් 50-60 ට ඒ බිත්තර හදන්න තරම් තාක්ෂණයක් මේ ලෝකේ තවම හොයා ගෙන නැ 😂😂 කිකිලියන්ට කන්න දීලා බිත්තර ටිකක් ගන්න එක මීට වඩා සිය දහස් ගානකින් ලාභ වැඩක් 🤦‍♀️

අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට එදා වේල කන්න හොයා ගන්න විදියක් නැති වුනාට චීනය, ඉන්දියාව කියන රටවල් වලට තියෙන්නේ වෙන ප්‍රශ්න. ඒ මිනිස්සු බලන්නේ අඟහරු වලට යන්නේ කොහොමද කියලා මිසක් ප්ලාස්ටික් බිත්තරයක් හදලා සල්ලි හම්බ කරන්න නෙවෙයි 😂😂 දූපතේ තියෙන ප්‍රශ්න තියෙන්නේ දූපතට විතරයි හොඳෙ 🤦‍♀️

ලංකාවේ මේ දවස් වල වයිරල් වෙන පහල තියෙන වීඩියෝ එක මිනිසුන්ට කන්න බිත්තර හදන තැනක එකක් නෙවෙයි, පොඩි බබාලගේ සෙල්ලම් බිත්තර හදන factory එකක වීඩියො එකක් 🤭🤦‍♀️

කවුරු හරි මානසික රෝගියෙක් තමන්ගේ පේජ් එකක රීච් වැඩි කර ගන්න මේ වගේ බොරු පෝස්ට් එකක් share කර ගත්තට පලියට ඒක ඇත්තක් කියලා දොහොත් මුදුන් දීලා පිලි ගන්න එපා ✋ Facebook එකට යනවා වගේම තව එකක් තියෙනවා Google කියලා. ඒකේ search කරලා බලන්න මේ කියන කතා ඇත්තද කියලා. එතකොට විස්තරේ දැන ගන්න පුළුවන් ‼️

මේත් එක්කම කියන්න ඕනි “Lab-grown eggs” තියෙනවා. ඒ කියන්නේ රසායනිකව හදන බිත්තර නෙවෙයි, ජාන තාක්ෂණය ඔස්සේ වෙන ක්‍රියාවලියක්. ඒ දෙකත් පටලව ගන්න එපා ‼️

වඳ බ්‍රා, වඳ කොත්තු තිබුනු රටේ ප්ලාස්ටික් බිත්තර අමුතු කතාවක් නෙවෙයි උනාට බිත්තර නොකා ඉන්න තරම් මෝඩ වෙන්න එපා ‼️”
gossip lanka