gossip lanka

ගං වතුරට බිලිවූ ගණන 20,000 ඉක්මවයි.. පුද්ගලයින් 10,000 ක් පමණ මුහුදට ගසා ගෙන ගිහින්!

ලිබියාවට දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ලිබියාවේ ඩර්නා නගරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ යා හැකි බව නගරාධිපතිවරයා පවසා තිබෙනවා
ඩර්නා නගරයේ ජිවත් වූ පුද්ගලයින් 10,000 ක් පමණ මුහුදට ගසා ගෙන ගොස් ඇති බවටයි විදෙස් පුවත් වාර්තා කළ තිබෙන්නේ.

නගරයේ වේලි 02 ක් ජල ගැලීම් නිසා කඩා ගෙන ගොස් තිබූ අතර එම ජල පහරට හසුව නිවාස හා ගොඩනැගිලි රැසක් මුහුදට ගසා ගෙන ගොස් තිබු බවත් සදහන් කළ තිබෙනවා. මීට පෙර වාර්තා පළ වුණේ ගංවතුරෙන් ලිබියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,300 ක් බවයි. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මොහොතින් මොහොත සංශෝධනය වෙමින් තිබෙනවා.

මිය ගිය පිරිස අතර සුඩාන හා ඊජිප්තු ජාතිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
gossip lanka