gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හැමදාම පේන්න හිටියොත් අටසීයක් දාහක් ගෙවලා මාව බලන්න හෝල් එකට එන්නෙ නෑනෙ..." - නිතර දකින්න නොලැබෙන හේතුව ගැන කියන චුලක්ෂි

'මම ගමෙන් ආපු කෙල්ලෙක්. කොළඹ හතේ නෙමෙයි.''

දවස ගාණෙ ලස්සන වෙන අපූරූ රූපයක් ඇති සරාගී රුවැත්තිය.

ගිනි මල් පොකුරු එක්ක අතිශය ජනප්‍රියත්වයක් දිනූ චුලක්ෂි රණතුංග.....

අපේ රටේ රංගන ශිල්පිනියන් අතර තරු ගුණය මනාව පවත්වාගෙන යන රුවැත්තියක් ඇය.

තෝරාගන්නා සරාගී විලාසිතා නිසාමද මන්දා, හිත් ඇද ගැනීමේ අපූරු හැකියාවක් ඈ සතුයි.

චුලක්ෂිගෙ රංගනය රිදී තිරයටම සීමා වෙලා. පුංචි තිරයෙනුත් ඈව දකින්න කැමති අයට චුලක්ෂි කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්

''ටෙලි නාට්‍යවලදි ගොඩක් අයට ඕන මගේ ලස්සන ගැන විතරක් කතාකරන්න නම් ඒකට මට පුංචි තිරය තෝරා ගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

චරිතාංග නිළියක් වශයෙන් චිත්‍රපටයකින් නොලැබෙන චරිතයක් නිරූපණයෙන් හෝ ප්‍රේක්‍ෂකයන් අතරට යන්න පුළුවන් අභියෝගාත්මක චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මම මෙගා වැඩ භාරගන්නෙ නැහැ කොහොමවත්.

සිනමා නිළියක් හැටියට මම ආදරය කරන්නෙ පුළුල් තිරයට.

මාව එදිනෙදා පුංචි තිරයේ දකින්න පටන්ගත්තම රුපියල් අටසියයක් දහසක් ගෙවල ප්‍රේක්‍ෂකයා මාව බලන්න ෆිල්ම් හෝල් එකට එයිද.

මං ඒ ගැන හිතනව වගේම ඒ තත්ත්වය රැකගන්න මං උත්සාහ කරනව.''

ඇයත් එක්කම ක්ෂේත්‍රයට ආව සමකාලීනයින් සෑහෙන නිර්මාණ ප්‍රමාණයකට දායකත්වය සපයනකොට, චුලක්ෂි කියන්නෙ හෙමින් සාර්ථක ගමනක් යන කෙනෙක්.

කළ නිර්මාණ ප්‍රමාණය ගණනින් සීමිත වුණාට ඇය ලබන ආදරය නම් අසීමාන්තිකයි...

''පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නැහැ.

හරියන්න බලාගෙන කරන සමහර දේවල් වරදින අවස්ථා තියෙනව.

ගල්” මුල්” ප්‍රශංසා” අපවාද යන මේ සියලු දේවල් එක්ක අත්දැකීම් ගොඩක් අරගෙන ඉදිරියට යන ගමනක් තියෙන්නෙ.'' මෙතෙක් ආව ගමන ගැන ඇයට කියන්න තියෙන්නෙ එහෙම කතාවක්.

චුලක්ෂිව බොහෝ දෙනාට හඳුනාගන්න ලැබෙන්නෙ නිරූපණ ශිල්පිනියක් හැටියට වුණාට දැන් නම් ඇයට නිරූපණය අතෑරිලම ගිහින් වගේ....

''නිරූපණයෙන් බොහෝ දුරට ඈත් වෙලා කිව්වොත් නිවැරදියි.

නිරූපණය හරි විදිහට කරන පිරිසකුත් ඉන්නව.

ඒ වගේම අර්ථයක් තේරුම් නොගෙන කරන පිරිසකුත් ඉන්නව.

ක්‍රමවත් ප්‍රමිතියකට අනුගත නොවුණ ආයතනවලින් නිකුත් කරන්නාවූ නිරූපිකාවන් හේතුකොටගෙන මතුවන අර්බුද මමත් දකිනව.''

අර අපි මුලින්ම කිව්වා වගේ සරාගී විලාසිතා තෝරගන්නා, ආකර්ෂණීය තරුවක් චුලක්ෂි. නමුත් ඈ ගමෙන් ආව තරුණියක්....

''මාව ගොඩක් වෙලාවට මොඩර්න් ෆැෂන් වගේ පෞරුෂත්වය පෙනෙන චරිතවලට යොදාගන්නව.

නමුත් මම ගමෙන් ආපු කෙල්ලෙක්. කොළඹ හතේ නෙමෙයි.

ඒ නිසා ගැමි චරිතයක් වගේ ලැබුණොත් බොහොම කැමැත්තෙන් භාර ගන්නවා.''

(උපුටාගැනීම් මීවිත - මහේෂ් එදිරිසිංහගේ සටහනක් ඇසුරින්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka