තරුණියක් ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඊයේ (21) අවසන් වුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ ඩවුන්නින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදීයි.
එහිදි ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියේදී සාක්ෂි ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවේ කොටසක් මාධ්‍ය වෙත මුදාහැරුණා.
ධනුෂ්කගේ නඩුවේ තීන්දුව එළඹෙන 28 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.