gossip lanka

Tattoo ගහපු අය බරපතල අවුලක…ජීවිත අවදානමකුත්! (VIDEO)

පච්ච කොටා ගෙන ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

ඊට හේතුව වී තිබෙන්නේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහල යාම සහ මෙරට ටැටූ මධ්‍යස්ථාන බොහොමයක් නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම හේතුවෙන් එම අවදානම තවදුරටත් තීව්‍ර වීම බව අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත.

මෙම තත්වය තවදුරටත් පැහැදිලි කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කර ඇත්තේ එක් රුධිර දායකයෙකුගේ රුධිරය සංඝටක ලෙස වෙන් කර රුධිර ග්‍රාහකයින් හතර දෙනෙකුට පමණ ලබා දීමක් සිදුවන බැවින් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අනවශ්‍ය අවධානමක් නොගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවය මෙම තීරණය කර ඇති බවය.

ඒ අනුව පච්චයක් හෝ සම විනිවිද යැවීමක් සිදුකරමින් කරාඹු දැමීම වැනි කටයුතු සිදුකර ඇති පුද්ගලයින් අදාළ කටයුත්ත සිදුකොට වසරක් යනතුරු රුධිරය දායකයින් ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.


gossip lanka