gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මස් කන්නේ බලාගෙනයි,ක්ෂණිකව මැරෙන්න පුළුවන් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි.

එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍රකරලා සහා ගිනිතැබීම් කරලා මේ වනසතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනය කරන වනසතුන් මස්, දඩ මස් ලෙස සංචාරකයින්ට සහ අසල්වාසි ප්‍රදේශවල, විශේෂයෙන් මාතර හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වගේ ප්‍රදේශවල යන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කරනවා. විශේෂයෙන්ම මෙවැනි වසවිස යොදා ඝාතනය කරන සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවෙන් පුළුවන්. ඒ වගේම යම් ශාරීරික ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දිර්ඝ කාලීන ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොදන්නා ප්‍රදේශ්වලට ගිහිල්ලා දඩ මස් ආහාරට ගැනීමෙන් වළකින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka