gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිඹුලාවල Street Foods ඉවත් කරන ලෙස දැනුම් දෙයි

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු අප සමග පැවසූවේ, එම කඩ  මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත්ය.

මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවය.

මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුනි.

එහිදී STREET FOOD කඩ මාර්ගයෙන් තරමක් පස්සට ගැනීමට එකඟතාවය ඇති වුවද සමහර කඩ තවමත් මාර්ගය අවහිර වන සේ අලෙවිසැල් පවත්වාගෙන යන අයුරු එම ස්ථානයේ දැක්නට ලැබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka