gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ! කැබිනට් පත්‍රිකාවක් දාන්න නිර්දේශ!

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ‌යෝජනා කර තිබෙනවා.

ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව විසින්.

ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුව පත් කරනු ලැබුවේ, ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

එහි දී ඇය විසින් ජාතික ගීය වැරදි ආකාරයෙන් ගායනා කර ඇති බව ද ඔවුන් සඳහන් කළා.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීයේ “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ යනුවෙන් උමාරා ගායනා කර ඇති බවයි පසුගිය 18 වනදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්වරයාට භාර දුන් වාර්තාවක දක්වා ඇත්තේ.

එම කමිටුව විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උමාරා සිංහවංශගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ අදාළ පද මාලා මධ්‍යම ස්වරයෙන් ගායනා කළ යුතුයි.

කෙසේ වෙතත් ගායන ශිල්පිනී උමාරා මහත්මිය එය ගායනා කර ඇත්තේ උච්ච ස්වරයෙන් බවයි විමර්ශන කණ්ඩායම විසින් කරන ලද විමර්ශනයේ දී තහවුරු කරගෙන ඇත්තේ.

එමෙන් ම, මීට පෙර පැවති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ද ඇය ජාතික ගීය ගායනා කර ඇත්තේ “මාතා’’ වෙනුවට “මහතා’’ යනුවෙන් බවට ද විමර්ශන කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇය ජාතික ගීය ගායනා කර ඇත්තේ, කණ්ඩායමක් එක්ව බවට ද සඳහන්.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ මහත්මිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විමර්ශන කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවට ද තොරතුරු අනාවරණ වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka