gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැනලා ගිහින් කසාද බැඳලා මාස හයෙන් බිරිඳව මහ ගෙදර යවලා – ගෙදර යවපු පුදුම හිතෙන හේතුවත් එළියට!

ඔහු නැගෙනහිර පළාතේ සිංහල ගම්මානයක පදිංචි 21 හැවිරිදි  මැලේ තරුණයෙක්.

ඇය නුදුරු ගම්මානයක පදිංචි 18 හැවිරිදි පියකරු සිංහල තරුණියක්.

දෙදෙනා අතර හටගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමත් සමග මතුවූ විරෝධතා මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසින් පලාගොස් නව කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළේ සතුටින්.

ඔවුන්ගේ සතුට සීමාවුණේ මාස හයක කාලයකට පමණි.

දිනක් ඔහු නීතිය සුරකින ස්ථානයකට පැමිණියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට වී තිබෙනවා.

වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ තවදුරටත්  තම බිරිඳ නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති  බැවින්, ඇය මවගේ නිවසට  පිටත් කර යැවූ බවත්, ඇය දික්කසාද කිරීමට අවශ්‍ය බවත්, ඔහු එහි සිටි නිලදරුවන්ට ප්‍රකාශ කළා.

ඔහුගේ පැමිණිල්ලට අනුව, දෙදෙනා කැඳවූ අවස්ථාවේ ඇය පැමිණ සිටියේ මව සමගයි.

ඇය ඔහුගෙන් වෙන්වීමට කැමැත්තක් නොදැක්වූවා.

නිලදරුවන් කොතෙක් කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළත් කිසිවක් සාර්ථක වී නැහැ.

ඔහුට අවශ්‍ය වූයේ දික්කසාදය පමණි. ඔහු රැකියාවක් නොකරන බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් එහි දී හෙළි වුණා.

අවසානයේ දී නිලදරුවන්ට සිදුවූයේ, සිවිල් අධිකරණයක නඩුවක් පවරා දික්කසාදය ලබාගන්නා ලෙස උපදෙස් දී ඔහු පිටත්කර හැරීම පමණයි.

ජීවිතය සොයා සියල්ලටම හොරෙන් ඔහු  සමග පලාගොස්, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත් ඇය, මව සමග දැඩි ශෝකයෙන් පිටව යන අයුරු නිලදරුවන් බලාසිටියේ කනගාටුවෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka