gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රි ලංකා ආසන්නයේ නව භූතලයක් නිර්මාණය වෙයි

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි.
    
ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවය.

අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇති බවය.

මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යංශය පැවසීය.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ දි සිදුව තිබේ. ‍
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka