gossip lanka

“අවීනිත විදිහට ඇඳගෙන පැපරාසින්ට මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මම..” - බොලිවුඩය අවුළන සුරූපී නිරූපිකාව යළිත් අන්තර්ජාලය ගිනි තියයි (VIDEO)

බොලිවුඩයට අමුත්තෙක් නොවන, Urfi Javed කියන්නෙ ඇගේ අමුතු ඇඳුම් විලාසිතා නිසාම ප්‍රසිද්ධියක් උසුලන අන්තර්ජාලය ගිනිබත් කරන චරිතයක්.

විශේෂයෙන්ම ඇය ඇගේ විලාසිතා විටින් විට අලුත් කරමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින අතර, මේ නිසාම ඇයට බොහෝ චෝදනා විවේචන ද එල්ල වනවා.

පසුගිය සමයේ ඇය පැපරාසීන්ට මුදල් ගෙවන බවට ද ප්‍රසිද්ධ නිළියක් චෝදනා කර තිබුණා.

කොහොම වුණත්, ඒවාට බොහෝම සිනාමුසු මුහුණින් පිළිතුරු දෙන Urfi Javed වරෙක ඒ අයට පිළිතුරු දීලා තිබුණේ මේ විදිහට යි.

“අවීනිත ලෙස ඇඳ පැළඳගෙන පැපරාසින්ට (මාධ්‍යට) මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මමයි”

විශේෂත්වය වුණේ පස්සෙ කාලෙක Urfi Javedට චෝදනා කරපු නිළියක් සුකේෂ් කියන මූල්‍ය වංචාකරුවාගේ ලිස්ට් එකට ත් ඇතුල් වුණාලු.

මේ සීන් එකට නම් Urfi Javedට මාර සතුටුයි කියලාත් බොලිවුඩයෙන් ආරංචියක් ආවා.

ආ... දැන් මේ ළඟදී දවසක Urfi Javed ආයෙම සරාගී විලාසිතාවකින් මාධ්‍ය ඉදිරියට ඇවිත්.

රේඩියෝ Nasha හි සම්මාන උළෙලකට ඇය අමුතුම ඇඳුමක් හැඳ පැමිණ සිටි අතර, කැමරා කාචයේ ඒවා සටහන්ව තිබුණේ මේ අයුරිනුයි.
gossip lanka