gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒවා නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි... මම කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න - ලංකාවට සමුදීලා අරාබියට ගිය දේශානි කියන කතාව

පාරදිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යාගේ චරිතයෙන් රසිකයො අතර ගොඩක් ජනප්‍රිය වුණ රංගන ශිල්පිනියක් තමයි දේශානි නෙහාරා කියන්නෙ. නෙහාරා හදිස්සියෙම ලංකාව අතෑරලා පිටරටක පදිංචියට ගිහින් තියනවා. මේ විදිහට නෙහාරා රංගන ක්ෂේත්‍රයෙනුත් අයින්වෙලා පිටරට ගිය එක ගැන සමාජ මාධ්‍යයේ විවිධ කතා පැතිරිලා තිබුණා. ඉතින් ඒ ගැන හරි ඇත්ත දැනගන්න නෙහාරා එක්ක කතාකරන්න අපි හිතුවා.

හදිස්සියෙම ලංකාවෙන් ගියෙ ඇයි?

ඩුබායිවල ඉන්න මගේ අක්කා සංචාරයකට මට එන්න කියලා කිව්වා. මම ඉතින් ගියා අක්කවත් බලලා ඩුබායිවල ඇවිදලා ආපහු එන්න කියලා හිතාගෙන. ඩුබායිවලට ගියාමයි මම දැනගත්තෙ අක්කා එන්න කියලා තිබුණෙ සංචාරයකට නෙමෙයි කියලා. මටත් නොකියා හොරෙන්ම ඩුබායිවල ගුවන් සේවිකා රැකියාවක් අක්කා මට හොයලා ලෑස්ති කරලා තිබුණා. මේ වෙද්දි මම ඒ ගුවන් සේවිකා රැකියාවට බැඳිලා ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා. ඉතින් රැකියාව නිසා මට ඩුබායිවල පදිංචිවෙන්නෙ සිද්ධවුණා.


ජනප්‍රියත්වය ගොඩනගා ගත්තා විතරයි නේද සේරම අතෑරලා ගියේ?

පුංචි කාලෙ ඉඳලා මම දැකපු හීන දෙකක් තිබුණා. එකක් නිළියක් වෙන එක. අනිත් හීනය ගුවන් සේවිකාවක් වෙන එක. නිළියක් වෙන හීනය මම සැබෑ කරගත්තා. නිකන්ම නිළියකුත් නෙවෙයි, නිර්මාණවලින් ආරාධනා ලැබෙන රසිකයන් අතර ජනප්‍රිය නිළියක් බවට මම පත්වුණා. නිළියක් විදිහට සාර්ථක ගමනක් පේන්න තියෙද්දි තමයි මට ගුවන් සේවිකාවක් වෙන්න අවස්ථාව හම්බ වෙන්නෙ. මට හිතුණා මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ මගේ අනිත් හීනය සැබෑ කරගන්න කියලා. ඉතින් මම ඒක භාරගත්තා. හැබැයි මම ගුවන් සේවිකාවක් වෙන හීනය සැබෑ කරගත්තෙ රංගන ජීවිතයට සදහටම තිත තියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිවාඩු ලැබුණාම ආපහු ලංකාවට ඇවිත් රංගන කටයුතුවල නිරවෙනවා. ගුවන් සේවිකාවක් විදිහට වගේම නිළියක් විදිහටත් දිගටම වැඩකරන්න මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රේමයෙන් පරාද වුණු දුකට රට අතෑරලා ගියා කියලා සමාජ මාධ්‍යවල කතාවක් පැතිරිලා තිබුණා නේද?

අනේ මම එහෙම කතාවක් දැක්කෙ නැහැ. ඒ විදිහෙ කටකතාවක් පැතිරිලා තියනවා නම් ඒක සම්පූර්ණයෙන් බොරුවක්.


ඇත්තටම ප්‍රේමයෙන් පරාද වුණු අවස්ථා තියනවද?

ප්‍රේමයෙන් පාරද වුණු අවස්ථා නම් ඕන තරම් තිබිලා තියනවා. හැබැයි පරාද වුණා කියනවට වැඩිය මම කැමැතියි ප්‍රේමය ගැන පාඩම් ඉගෙනගත්ත අත්දැකීම් කියලා ඒවට කියනවට.

ඔවුන් අද ජීවිතයේ නැති එක ගැන මොකද හිතන්නෙ?

මට ප්‍රේම සම්බන්ධතා කීපයක් තිබිලා තියනවා. ඒ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණ එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. අද මගේ ජීවිතය සාර්ථක වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔවුන්ට ඒකට ස්තුතිවන්ත වෙනවා.


ආපහු ප්‍රේමයක් ගැන හිතන්නෙ නැද්ද?

මේ වෙද්දි මගේ එකම අරමුණ ගුවන් සේවිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහට සාර්ථකව ඉදිරියට යන එක. ආපහු ප්‍රේමයක් ගැන හිතන්න ගියොත් ඒ අරමුණුවලින් ඈත්වෙන්න සිද්ධ වෙන එකයි වෙන්නෙ. ඒ නිසා දැන්ම ප්‍රේමයක් ගැන හිතන්න මගේ අදහසක් නැහැ.

රණ්ඩුවට බර දක්ෂ කරාටෙ ශූරියක් කියලා ආරංචියි ?

ඔව්, මම ටිකක් රණ්ඩුකාර කෙනෙක්. ඒකටම ගැළපෙන විදිහට කරාටෙ සටනුත් පුරුදු වුණා.


කීදෙනෙක්ට ගහලා තියනවද?

වැඩියෙන්ම මගෙන් ගු⁣ටි කාලා තියෙන්නෙ පිරිමි ළමයි.

ඔබ සරාගීකම විලාසිතාවක් කරගත්තු කෙනෙක්ද ?

අනිවාර්යයෙන්. ඕනම ගෑනු ළමයෙක් කැමැතියි තමන්ව අනිත් අය අතරේ ආකර්ෂණීය විදිහට පේනවට. ඉතින් මමත් කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න ඉන්න.


නිරුවත ගැන මොකද හිතන්නෙ?

මං හිතන්නෙ නිරුවත කලාත්මක විදිහට පාවිච්චි කරනව නම් හරි ලස්සන දෙයක් කියලා. මගේ උපන් දිනය වෙනුවෙන් ගත්ත ඡායාරූපවලදි මම නිරුවතින් ඉන්නවා කියලා සමහරු කියලා තිබුණා. ඇත්තටම ඒ ඡායාරූප නවීන පන්නයේ ඇඳුම් විලාසිතාවක් යොදාගෙන කලාත්මක විදිහට ගත්තා මිසක නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි.

සරාගී හෝ නිරුවත් දර්ශනයක් රඟපාන්න ලැබුණොත් භාරගන්නවද?

නිරුවත් දර්ශනයක් නම් කොහෙත්ම භාරගන්නෙ නැහැ. මගේ ගෞරවයට හානිවෙන්නෙ නැති සීමාවක් ඇතුව කරන්න පුළුවන් සරාගී දර්ශනයක් වුණොත් භාරගන්නවා.


රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතන්නෙ?

රසිකයන්ගේ ආදරය ගොඩක්ම මට දැනුණෙ ඩුබායිවලට ආවට පස්සෙ. සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනා පණිවිඩ එවලා තිබ්බා මාව ටෙලි නාට්‍යයවල දකින්නෙ නැතුව පාළුයි, ආපහු ලංකාවට ඇවිත් නිර්මාණවල රඟපාන්න කියලා. රසිකයන්ගෙන් ලැබෙන ඒ ආදරයට ඇත්තටම මමත් ගොඩක් ආදරෙයි. මම ලංකාවවත් කලා ක්ෂේත්‍රයවත් අතෑරලා නෙවෙයි රට ගියෙ. මම ආපහු ලංකාවට ඇවිත් කලින් වගේම නිර්මාණවලින් රසිකයෝ අතරට එන්න බලාපොරොත්තු වෙනවා.

අරුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka