gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ශිෂ්‍යත්වය පාස් නෑ මං.. ඕලෙවල් ඒ 9ක් නෑ මං.. ඒලෙවල් ඒ 3ක් නෑ මං.. අම්මා තාත්තා ළඟ නැතිව, ආච්චි අම්මගෙ සීයගෙ තුරුලෙ ඉදන් අද මෙතනට ආව” - හිත හයිය කෙල්ලෙක්ගේ කියවන්න ම ඕනි කතාවක්

ජීවිතේ කියන්නෙ දිග ගමනක්..
ඒ දිග ගමන ඇතුළේ අපිට දාහක් මිනිස්සු මුණගැහෙනවා.
ඉතින්....
ජීවිතේ සමහරක් දේවල් ඉස්සරහා ඇද වැටෙන, අඬා වැටෙන
මිනිස්සු බොහෝමයි.

ඒ විදිහට දරාගැනීමේ උපරිමයට ගියාම ඒ අය,
ජීවිතෙත් දාලා යන්න තරම් බොළඳ වුනුන් වෙනවා.

මේ කතාව අපිට හම්බුණේ මුහුණු පොතෙන්.
අරමුණක් අධිෂ්ඨානයක් එක්ක ජීවිතේ දිග ගමනක්
ගිය කෙල්ලෙක්..
ඒ ගමන ගැන කියන හිතාගන්නවත් බැරි විදිහේ කතාවක්.

ශිෂ්‍යත්වය පාස් නෑ මං..
O/L A9ක් නෑ මං..
A/L A3ක් නෑ මං..
නමුත්, මං විශය නායිකාව, පංති නායිකාව, දහම් පාසලේ සහ පාසලේම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, House Meet වල House නායිකාව, ක්‍රීඩා උළෙලවල ක්‍රීඩා නායිකාව, ඔලිම්පික් පහනෙ දීග කන්‍යාවී, නැටුම් වැයුම් වල ඉස්සරහින්ම,
ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු ගානක් ගියත් අදටත් නම ආඩම්බරයෙන් කියවෙන,
NTS එකේ හොදම ශිෂ්‍යයා වුනු,
Final Exam Result වලින් දිස්ත්‍රික්කයෙන්ම තුන්වෙනිය වුනු
තව ගොඩක් දේවල් තියන කෙනෙක් මං..
හැබැයි ඒ වගේම අද Doctor වෙන්න බැරි වුනාට
Hospital Nursing Officer කෙනෙක් මං..
Operation Theater එකේ Chief Nursing Officer කෙනෙක් මං..
Police & All Forces වල Lecturer කියනවට වඩා එයාලගෙ මානසික ප්‍රශ්ණ කතා කරන කෙනෙක් මං..
Depression වලට Motivation කරන Counselor කෙනෙක් මං..
School වල ළමයින්ට Motivation කරන දේශනවේදී කෙනෙක් මං..
වෙලාවකට දහම් පාසල් ලමයිට Daham Teacher කෙනෙක් මං..
PVT, Government NTS කියල මට භේදයක් නෑ, ඒ ලමයිව දිරිගන්වන කෙනෙක් මං..
ජීවිතේ තිත්තම වුනු මිනිසුන්ට Counselor නොකියා, හිත් වලටම කතා කරන කෙනෙක් මං..
කනට ඇහිච්ච් වචන වලින්ම කියනවනම්, ඒ හැම හිතකටම කා වැදිච්ච නර්ස් නෝනෙක්ලු මං..
මාව බදාගෙන ඔයා මට හිත නිවපු භාවනාවක් කියලා ඒ සතුටත් ලබපු කෙනෙක් මං..
වයසෙන් පොඩි වෙලත් සමාජෙන් භාගයක්ම මිනිස්සු දන්නවා වගේම,
ඇත්ත.. ළමයෙක් වුනත් අම්මගෙ මුලු පවුලෙම ප්‍රධාන චරිතෙත් අද මං..
හ්ම්ම්ම්.. නොලියන්න තහනම්,
සමාජෙට නොපෙන්නපු, තව ගොඩක් දේවල් තියනවා කවුරුත්ම නොදන්න..
ඔයාලා හිතන විදියටම Nurse කෙනෙක් කියලා දැනගත්තම ඇති දැනට..
ඔවු........
ගෙදර පරිස්සමට අරම් තියල තියන Medals, Certificates, Cup,
මේ පපුවෙ ගහගෙන ඉන්නෙ,
කරේ දාගෙන ඉන්නෙ,
ඇගේ පොරවගෙන ඉන්නෙ,
ඒ තුරුලු කරගෙන, පලදගෙන ඉන්න ඔක්කොම,
ගමේ කෙල්ලෙක් වෙලා, ගෙදර බටු ඇටයක් වෙලා, වයසින් පොඩි වෙලා ලබාගත්තු, කාටවත්ම හොරෙන් ගන්න බැරි දේවල්..
ඉතිම්,
අම්මා තාත්තා ලග නැතිව, ආච්චි අම්මගෙ සීයගෙ තුරුලෙ ඉදන් අද මෙතනට ආව, ඒ මගේ කතාවෙන් භාගයක් විතරයි
Result එකකින් ජීවිතේ නවත්තගන්න එපා..
චරිත සහතිකේ ඔයාගෙත් ලියාගන්න ලස්සනටම..

ලිපියේ සම්පූර්ණ අයිතිය>>> Sulochana Sanjeewani
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka