gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරියගේ මිතුරිය කැලයකට ඇදගෙන ගිහින් අතවර කරලා

අරලගංවිල පොලිස් වසමේදී මහ දවල් තරුණියක කැලෑවකට ඇදගෙන ගොස් දෑත් බැඳ කටේ රෙදි පාන්කඩ ඔබා බලහත්කාරයෙන් ඇයට ලිංගික අතවරයක් කළ බව කියන විවාහක එක්දරු පියකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. අතවරයට ලක්වූ තරුණියගේ මිතුරියකගේ සැමියා බව කියන සැකකරු  අරලගංවිල පොලිස්  වසමේ පදිංචිකරුවකු බවද අනාවරණය වි ඇත.
තරුණිය තම නිවෙසේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා නගරය වෙත යාමට ගුරුපාරක් ඔස්සේ සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අතර මගදී සැකකරු යතුරු පැදිය නවත්වන ලෙස තරුණියට පවසා තිබේ.තමන්ටද අතර මහ පිහිටි කුඹුරට යාමට අවශ්‍ය බව පවසා එතැනින් බස්සන ලෙස ඉල්ලා යතුරු පැදියට ගොඩ වී තිබෙන අතර එසේ යන අතර මගදී තරුණිය බලහත්කාරයෙන් කැලෑවකට ඇදගෙන ගොස් මේ අතවරය සිදුකර තිබෙන බව පොලිසිය
සිදු කළ විමර්ශන වලදි හෙළිවී ඇත.

මේ අපරාධය සිදු කිරිමෙන් අනතුරුව සැකකරු තරුණියගේ ගෙල පැළඳ සිටි රුපියල් 60,000ක් පමණ වටිනා රන් මාලයක් ද පැහැරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කළේය. මේ සම්න්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණියගෙන් මංකොල්ල කන ලද රන් දම්වැලද  සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ. අතවරයට ලක් වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.

පොළොන්නරුව කරුණාරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka