gossip lanka

අමෙරිකාව ක්‍රිකට් වරම් දිනා ගනිද්දී ලංකාවට අසතුටුදායක ආරංචියක්

අමෙරිකා එක්සත් ජනපදයට කි‍්‍රකට් වරම් හිමිකර දීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කි‍්‍රකට් වරම් හිමිවූ ලොව 105 වන රට වන්නේ අමෙරිකාවයි. එහෙත් ඔවුන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාදී නැහැ.

ඒ අනුව ලොවපුරා සිටින පූර්ණ සාමාජිකත්වය නොමැති කි‍්‍රකට් වරම් ලැබූ 93 වන රට අමෙරිකාව වනවා.
අමෙරිකාවේ කි‍්‍රකට් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සිදුකළේ 2017 වසරේදීයි. මාස 18 ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවීම  විශේෂත්වයක්. මේ අනුව අමෙරිකාව තුළ දේශීය සහ ජාත්‍යන්තර තරග පැවැත්වීමටද අවකාශ හිමිවනු ඇති.

අමෙරිකාවටද මෙලෙස කි‍්‍රකට් වරම් හිමිවද්දී වරක් ලෝක ශූරයින් බවටද පත් වූ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් සම්බන්ධයෙන් වාර්තා වන්නේ තවත් අසතුටුදායක පුවතක්. ඒ, 2017 ජනවාරි පළමු වැනිදා සිට 2019 වසර දක්වා අන්තර් ජාතික කි‍්‍රකට් කණ්ඩායමක් ලැබූ අඩුම ජයග‍්‍රහණ ප‍්‍රතිශතය සහිත කණ්ඩායම බවට ශී‍්‍ර ලංකාව පත්ව තිබීමයි.

එම කාලයේදී තරග 49 කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව ඉන් ජයගෙන ඇත්තේ තරග 11 ක් පමණයි. ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණ - පරාජ ප‍්‍රතිශතය, පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ ජයග‍්‍රහණ - පරාජ ප‍්‍රතිශතයටත් වඩා පහළ අගයක පැවතීම කැපී පෙනෙන සිද්ධියක්.
gossip lanka