gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්තවාදී වැලක්වීමේ පනත අහෝසි කරනු - යාපනයේ විරෝධතා

යුද්දය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදී වැලක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පල ඉදිරිපිටදී ත්‍රස්තවාදී වැලක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
විරෝධතා කරුවන් විසින් යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන බස්නැවතුම්පල වටා පිහිටි මාර්ගයේ ගමන් කරමින් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 10 ක් ගත වීමට ආසන්න ඇති අවස්ථාවක ත්‍රස්තවාදී වැලක්වීමේ පනත ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බවටත් අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka