gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ජාතිකයාද ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු  කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ඔහුගේ භාර්යාව වන ශෂී වීරවංශ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කැඳවා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ අධිකරණයට දැනුම්දී ඇත්තේ අදාළ ප්‍රකාශ ලබාගැනීමට මේ සතිය තුළ ඔවුන් කැඳවා ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka