gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජිත ලෝක ඉතිහාස පොත ලියයි

ඉදිරි වසරක කාලය තුළ රාජ්‍ය පාලනය කිරීම සඳහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවැති ජනහමුවකට එක්වෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය
අමාත්‍යවරයා,

“ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය අද හිමි වුනා. දින 50 ක අරගලයකින් රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධූරයට පත් කෙරුනා. එකමුතුබවේ සටනක ප්‍රතිඵලයක් ලෙස මම එය හඳුන්වනවා. මෙම ජනසටන තවම අවසන් නැහැ. අමාත්‍ය මණ්ඩලය පත්කර ජනතාවගේ යුතුකම් ඉටු කළ යුතුයි. ඉදිරි වසරක කාලය සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කර වසර 2020 දී පැවැත්වෙන මැතිවරණයත් අපි ජයග්‍රහණය කරනවා. ජනතා සේවාව වෙනුවෙන් අපි කැපවෙනවා. නව ආකර්ශණීය ජන ප්‍රසාදයකින් යුත් ආර්ථීක හා සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. වසර 2020 දී නව රජය පිහිටුවමින් එය වසර 2025 දක්වා අපි ගෙනයනවා. මෙය ඓතිහාසික සටනක්. ලෝක ඉතිහාසයේම ලියවෙනවා. ඊනියා අග්‍රාමාත්‍යවරයා අපි පරාජයට පත් කළා. මෙම ජනතා අරගලයට සහයෝගය දැක් වූ සියලුම දෙනාට මම ස්තූතිය පුද කරනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka