gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල වාර්තා තබමින් පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය, අද (14) රුපියල් 177.62ක් දක්වා ඉහළ ගිය අතර ශ්‍රී ලංකා රුපියල එතරම් පහත අගයකට වැටුණු පළමු අවස්ථාව එය විය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ
විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 177.62ක් වූ අතර ගැනුම් මිල 173.72ක් විය.

වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka