gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල්වත්තේ මුරකරු මහ රෑ කතකට තනි රකින්න ඇවිත්

පොල් වත්තක මුරකරුවෙකු රාත්‍රී වත්තේ මුරය පසෙකලා සිය අනියම් බිරියට තනි රැකීමට ගොස් රැකියාවද අහිමි කර ගත් පුවතකි මේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ සිද්ධිය සැකවින් මෙසේයි.


ඔහු අක්කර 20ක පමණ පොල්වත්තක හිමිකරුවෙකි. පොල් වත්තේ රාත්‍රී මුරය සඳහා යොදවා සිටියේ යාබද ගමක මැදිවියේ පුද්ගලයෙකි. දෙදරු පියෙකු වූ ඔහු එම
වත්තේ මුර සේවයේ යෙදී සිටින්නේ වසර දෙකක පමණ කාලයක සිටය. සිය හාම්පුතාගේ හොඳ හිත. දිනාගෙන සිටි ඔහු සිය කාර්ය මැනවින් ඉටුකරන අවංක අයෙකි.

මීට සති කිහිපයකට පෙර පොල් වත්තේ හිමිකරුට එම වත්ත පිහිටි ගමේ පදිංචි ඔහුගේ සමීප මිතුරෙකුගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණේ මුරකරු පොල්වත්ත කිට්ටුව නිවසක පදිංචි රූමත් වැන්දඹු කාන්තාවකගේ නිවසට රාත්‍රී කාලයේ යන එන බවය. ඇය දෙදරු මවකි. 

එය කනවැටීමත් සමඟ ඉඩමේ හිමිකරු සිටියේ මුරකරු පිළිබද දැඩි විමසිල්ලකිනි. රාත්‍රී කාලයේ කිහිපවරක්ම මුරකරුට දුරකතනයෙන් ඇමතුම් දීමටත් ඔහු අමතක කළේ නැත.

පසුගිය දිනක රාත්‍රී 8.00 පමණ ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනේ කලින් මුරකරු පිළිබඳව තොරතුරක් සැපයූ මිතුරාගෙනි.

අර මුරකරු යන එන ගෙදර කාන්තාවගේ දරුවෝ දෙන්නා අද උදේම හොඳට ඇඳ පැළඳගෙන කොහෙද ගියා. මං හිතන්නේ දුර ගමනක් ගියේ. අද ගෙදර එන එකක් නෑ. ඒ කාන්තාව අද රෑ ඉන්නේ තනියම. මුරකාරයා අද රෑ එහෙ යනවා. අයෙ දෙකක් නෑ. ටිකක් හොයලා බලන්න. මුරකාරයා වත්තේ නැති බව දැන ගත්තම හොරු වත්තට ඇවිත් පොල් කඩනවා.

පණිවිඩය ලද සැණින්ම ඔහු මිතුරෙකුද සමග යතුරු පැදියෙන් ගියේ මුරකරු යන එන නිවස වෙතය. නිවස ආසන්නයේ යතුරුපැදිය නවතා ඔවුන් නිවෙස වෙත පියමැන්නේ පයින්මය. මිතුරාගේ අනුමාන කිරීම හරිය. කාන්තාව නිවස ඉදිරිපිට අඹ ගස යට වාඩිවී ගෙනය. වත්ත මුරකරන මුරකරු කාන්තාව අසලය. මුරකරුගේ අතේ කුඩා කුප්පියකි. ඔහු කාන්තාවගේ බෙල්ල ප්‍රදේශයේ තෙල් ආලේප කරමින්ය. තම හාම්පුතා සමීපයට එන තෙක් මුරකරු වත් කාන්තාව වත් දුටුවේ නැත.

ඈ මිනිහෝ මෙහෙමද වත්ත මුරකරන්නේ. මං පඩි ගෙවන්නේ උඹට ගෑනුන්ට තනි රකිනවාටද. හෙට ඉඳන් වැඩට නාවට කමක් නෑ. ඉඩම් හිමිකරු මිතුරා සමග ආපසු පැමිණි අතර පසුදිනම වත්තේ රාත්‍රී මුරයට වෙනත් අයෙකු යෙදවීය.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka