gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මූණු පොතේ සිහින කුමාරයා බස් එකේ ටිකට් කඩලා

ෆේස්බුක් (මුහුණු පොත) අද වනවිට තරුණ පිරිසට නැතුවම බැරි මෙවලමකි.

සමහරු දවස අරඹන්නේ ද, දවස නිමකරන්නේ ෆේස්බුක් එකෙනි.

බොහෝ වැඩිහිටියන් ඒ පිළිබඳ වැඩියමක් නොදන්නවා වුණාට අලුත් මිතුරු මිතුරියන් බුරුතු පිටින් සොයා ගන්නට මුහුණු පොත හොඳම මෙවලම බවට පත් වී
හමාරය.

මෙකී තරුණයාට ද ඇය මුණගැසෙන්නේ මුහුණුපොත (ෆේස් බුක්) හරහාය.

වැඩිකල් නොගොස් දෙදෙනා පෙම්වතුන් බවට පත්වන්නේ ෆේස්බුක් හරහා දුරකතන අංක ද හුවමාරුවක් සමගිනි.

ඇය රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියකි. ධනවත් පවුලක උපන් ඇය සුරූපීය.

කිසිකලක පෙම්වතෙක් ඇසුරු නොකළ ඇයට මුහුණුපොත හරහා මුණ ගැසුණු තරුණයා සිහිනෙන් දුටු කුමරු සේ දැනුණේ ඒ තරමටම කඩවසම් තරුණයකුට සතුවිය යුතු සියල්ල ඔහුට උපතින්ම හිමි වී තිබීම නිසාය.

දෙදෙනා කිහිපවිටක් මුණ ගැසුණේ ඇති වූ ප්‍රේමයේ මල් පූදින්නට ඉඩ සලමිනි.

“මම කරන්නේ බිස්නස්. ඉවරයක් නෑ. අදත් මීටින් ගොඩක් තියෙනවා.” අලුත් පෙම්වතා නිතරම පෙම්වතියට කීවේ බිස්නස්වලට මුළු කාලයම ගතකරන්නට සිදු වී ඇති බව අඟවමිනි.

මේ අතර ඔහු ගැන ඇයට නරක ආරංචියක් ලැබිණි.

ඇය මවත් සමඟ බසයකට ගොඩ වූයේ ඒ ආරංචිය තහවුරු කරගන්නටය.

ඇය දුටු ඔහුට දොලොව රත් විය.

“අද අපේ බස් එකේ කොන්දොස්තර ආවේ නෑ. ඌ වැඩ කරන්න බෑ කියලා පැනලා ගිහින්” ඔහු කීවේ තමාගේ ඇත්ත රක්ෂාව තවදුරටත් සඟවමිනි.

“කොල්ලා පැනලා ගියා වගේ තමුන්ගේ කෙල්ලත් පැනලා ගියා කියලා හිතා ගන්නවා.” එසේ කියූ සුරූපී තරුණිය සිය මවත් සමඟ බසයෙන් බැස යද්දී ඔහු ඇය දෙස බලා සිටියේ අතේ තිබූ සල්ලි පොදිය එක මිටකට ගුලි කර ගනිමිනි.

-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka