gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොල්ගොඩ අසළින් හිසක් හමුවෙද්දී ඇඹිලිපිටියෙන් කඳක් හමුවෙලා

ඊයේ බණ්ඩාරගම - බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී සොයාගත් විදෙස් ජාතික කාන්තාවකගේ බවට සැකකරන හිස සමග බෝහෝදුරට ගැලපේ යයි අනුමාන කරන කඳක් ඇඹිලිපිටිය - සෙවනගල - කිරිඉබ්බන් වැවේ තිබී
හමුවූ බවට වාර්තා පළවේ.


 මෙම හිස හා කඳ කොටස එකම කාන්තාවකගේද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඇඹිලිපිටිය - සෙවනගල - කිරිඉබ්බන්වැවේ තිබී හිස සහ පාද නොමැති කඳ කොටසක් පොලීසිය සොයාගත්තේ ඊයේ පස්වරුවේදීය.

චීන හෝ තායි ජාතික කාන්තාවකගේ බවට සැක කෙරෙන කඳින් වෙන් කරන ලද හිස බණ්ඩාරගම - බොල්ගොඩ පාලම අසළ මාර්ගයක තිබී සොයාගනු ලැබුවේ ඊයේ පෙරවරුවේදීය. දින කිහිපයකට පෙර ඝාතනය කර හිස කොටස එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැකකරන ලක්ෂණ ඒ තුළ විය.

තමා රැකියාවට යද්දී කබරයෙකු මිනිස් හිසක් ඩැහැගන්නට උත්සාහ කරන ආකාරය දුටු බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයටකාන්තාවක දුන් තොරතුරකට අනුව පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී මෙම හිස හමු විය. මෙම හිස පඍීක්සා කළ පොලිසියට එහි කිසියම් සුවඳක් එන පරිදි රසායනික ද්‍රව්‍යයක් තවරා ඇති බවද හෙළි විය.

කලින් මරා දමන ලද මෙම කාන්තාවගේ මළ සිරුරු කොටසින් එන දුර්ගන්ධය වළකා ලන්නට එම රසායනිකය භාවිතා කර කිසියම් අයෙකු හෝ පිරිසක් මෙම ස්ථානයට විත් එම හිස විසිකර යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.ඇඹිලිපිටිය - සෙවනගල - කිරිඉබ්බන් වැවේ තිබී හමුවූ කාන්තා කඳද මේ ආකාරයට විදේශ ජාතික කාන්තාවකට අයත් එකක් ලෙස සැකකළ හැකි අතර

 එම කඳ කොටස හා මෙම හිස අතර සම්බන්ධය තහවුරු වුවහොත් මෙම මරණය සම්බන්ධ පරීක්ෂණ අලුති දිසාවකට යොමුවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka