gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එංගලන්තය කඩුලු 7කින් ජය ගනී

තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 35 ක් සහ නිරෝෂන්
දික්වැල්ල ලකුණු 36 ක් ලබාගත්තා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතවු තරගය ආරම්භ කෙරුනේ රාත්‍රී 8.15 ටයි.

අයහපත් කාලගුණයෙන් එල්ලවූ බාධාව හමුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමට තීරණය කෙරුනා.

පන්දු යැවීමේදී අඩිල් රෂීඩ් කඩුලු 4 ක් සහ ටොම් කරන් කඩුලු 3 ක් බිඳහෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 151ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවින් මෝගන් නොදැවී ලකුණු 58 ක් සහ බෙන් ස්ටොක් නොදැවී ලකුණු 35 ක් ලබාගත්තා.

ජේසන් රෝයි ලකුණු 41 යි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka