gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් - වාහන මිලත් ඉහළට

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඇතැම් වාහන වල මිල ලක්ෂ 02කින් හෝ 03කින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජි පැවසුවේ.

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේවනවිට සටහන් වන්නේ රුපියල් 168.63ක් ලෙසයි. මුදල්
අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප‍්‍රකාශ කළේ තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් පවතින බවයි.

ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රුපියල මෙලෙස දිනෙන් දින අවප‍්‍රමාණය වීමට ජාත්‍යන්තර හේතු සාධකද බලපා ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ පමණක් නොව සෙසු රටවල ද ඔවුන්ගේ මුදල් ඒකක පහත වැටෙමින් ඇතැයි වාර්තා වනවා. ඉන්දියාව, බ‍්‍රසීලය සහ රුසියාව ද ඒ අතරින් ප‍්‍රධානයි. ඉන්දියාවේ රුපියල සියයට 13.1 කින් කඩා වැටී තිබෙනවා. පකිස්තානයේ රුපියලද සියයට 11.22කින් කඩා වැටි ඇති බවයි පැවසෙන්නේ. ඉන්දුනීසියානු මුදල් ඒකකයද සියයට 9.61කින් පහත වැටී ඇතැයි සඳහන්. රුසියාවේ රූබල් මුදල් ඒකකය සියයට 18.2 කින්ද, බ‍්‍රසීල මුදල් ඒකකය පහත වැටී ඇත්තේ සියයට 24.4කින්. ආණ්ඩුවේ දත්ත වලට අනුව රුපියල කඩා වැටී ඇත්තේ සියයට 8කට ආසන්න අගයකින් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති මාලාව බවටද ආර්ථික විශ්ලේෂකයින් මත පළ කරනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka