gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි

පාර්ලිමේන්තුව සඳහා ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමට  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කර ඇත.

 ඉ- පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ලේඛන කළමනාකරණ පද්ධතිය සකස් කෙරෙන බවත්  පාර්ලිමේන්තුවේ ප්‍රධානතම අංශයන් වන හැන්සාර්ඩ් දෙපාර්තමේන්තුවේ සහ සභා ලේඛන කාර්යාංශයෙහි එය පළමුව සකස් කරන බවත් එහි සභාපති ආචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිකිරීමටත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සඳහා අවශ්‍ය නිවැරදි හා කාලීන තොරතුරු සැපයීමටත් මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇති බව සමරජීව මහතා කීය.

පාර්ලිමේන්තු තීරණ හා තීන්දු පිළිබඳ මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමට මෙය රුකුලක් වන බව කී හෙතෙම පාර්ලිමේන්තුවේ සෙසු අංශවලට ද ඉදිරියේදී  ව්‍යාප්ත කරන බව ද කීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එපික් ලංකා ආයතනය අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka