gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්දේසි සොහොන් කොත් ගාල්ලෙන් මතු වේ

ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියේ පිහිටි පැරණි නාගරික නිල නිවාස භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීම්වලදී ලන්දේසි යුගයට අයත් සොහොන් කොත් කිහිපයක්‌ හමුවී ඇත.

මෙය ලන්දේසි යුගයේ සොහොන් භූමිය වන අතර 1710 සිට 1850 දක්‌වා කාලයේදී සිරුරු මිහිදන් කර ඇත.

පසුව 1869 දී නගර සභාව විසින් පළමු ගොඩනැඟිලි
එම භූමියේ ඉදිකරන ලද අතර එහි තිබූ සොහොන් කොත් රැසක්‌ ඕලන්ද රෙපරමාදු දේවස්‌ථාන භූමිය වෙත ගෙන ගොස්‌ තැන්පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල නාගරික කොමසාරිස්‌ වාසනා ගුණරත්න මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ මෙම ගොඩනැඟිලි පිහිටි ඉඩම පසුගිය කාලයේ තිස්‌ අවුරුදු බදු පදනම යටතේ පෞද්ගලික අංශයට බදු දී තිබෙන බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්‌ෂ වසන්තා අලහකෝන් මහත්මියගෙන් විමසූ විට මෙසේ කීවාය.

"මෙම ගොඩනැඟිලි දෙක පෞද්ගලික අංශය බදු පදනම මත ලබාගෙන හෝටලයක්‌ සෑදීමට අවසර ඉල්ලුවා. අපි කිව්වා තිබෙන ගොඩනැඟිලි දෙක ඒ ආකාරයෙන්ම සංරක්‌ෂණය කර පිටුපසින් අලුත් ගොඩනැඟිල්ලක්‌ හදන්න කියලා.

ඒ අනුව ඔවුන් සැලසුම් කමිටුවට සැලසුමක්‌ ඉදිරිපත් කළා. නමුත් අපි ඒ සඳහා අවසර දීමට පර්යේෂණ කරනවා. ගවේෂණය කරනවා. ඒ වගේම කැණීම් කරනවා. එසේ කැණීම් කරගෙන යන විට ලන්දේසි යුගයේ සොහොන් කොත් දෙකක්‌ දැනට හමුවී තිබෙනවා. කෙසේ වෙතත් අපි තවදුරටත් කැණීම් කරගෙන යනවා.''

(දිවයින)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka