gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් බලතල ඉල්ලූ විග්නේෂ්වරන් උතුරේ පොලිස් ලොක්කන් හදිසියේ කැදවයි!

යාපනයේ සිදු වෙමින් පවතින භීෂණකාරී තත්ත්වය සමතයකට පත් කරගැනීම පිණිස ගත හැකි තීන්දු පිළිබදව කරුණු සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැදවා තිබුණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති මේ සාකච්ඡාවට උතුරු පළාත බාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ.

මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ යාපනයේ ජනතාව මෙම භීෂණකාරී තත්ත්වයෙන් මුදවා ගැනීම
පිණිස පොලීසිය තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබා දෙන්නේ නම් සති දෙකක් ඇතුළත මෙම ප්‍රචණ්ඩකාරීන් අත් අඩංගුවට ගෙන භීෂණය තුරන් කරණ බවට පසුගිය සතියේදී යාපනයේදී මාධ්‍යයට අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍යවරයා සාකච්ඡාවේදී පොලීසිය යාපනයේ තත්ත්වය සමථයකට පත් කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ඔහුගේ ස්තූතිය පොලීසියට  පුද කොට තිබේ.

(දිනසේන රතුගමගේ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka