gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොඩිකාර පවුල පිටින් ජනපති තුරුලට..?

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපති එහි වත්මන් මන්ත්‍රීනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු කොඩිකාර පවුල සහ ජනාධිපතිවරයා අතර රහසිගත හමුවක් ආසන්න දිනකදී සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙයි.

රාත්‍රී භෝජන සංග්‍රහයකට පවා මෙම පවුල ජනාධිපතිවරයා සමඟ සහභාගී වී ඇති බවත් ඉදිරියේ
දේශපාලන කටයුතු ශ්‍රීලනිපය සමග කරන බවට ඔවුන් ජනාධිපතිවරයාට සහතික වී ඇති බවත් එම වාර්තාවන් හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සඳහන් කර සිටියේ තමන් හෝ තම පවුලේ කිසිවෙකු කිසිම අවස්ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවයි.

එසේම ඉදිරියේදී ද ඔහු සමග කිසිදු සාකච්ඡාවක් කිරීමට අදහස් කර නොසිටින බවත් ඔහු කියා සිටියේය.

තමන් නොව තම බල්ලාවත්, බල්ලාගේ පැටියාවත් වත්මන් ජනාධිපතිවරයා මුණ ගැසීමට නොවන බවද කී ඔහු තමන් දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග මිස අන් කිසිවෙකු සමඟ නොවන බවද ඉදිරියේ දීද එය ස්ථිරවම එසේ සිදුවන බවටද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka