gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරිසර විනාශයට එරෙහි වූ තරණයාට මැර ප්‍රහාරයක්

තංගල්ල බෙලිඅත්තේ රිලාගලයාය පාරිසරික පද්ධතියේ පිහිටි ගල් කන්දක් අධිවේගී මාර්ගය සඳහා කැඩීමට එරෙහිව දිගින් දිගටම සටන් කළ ගැටමාන්නේ තරුණයකු (30) පහරකෑමට ලක්ව තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

ප්‍රදේශයේ සිදුවීමට නියමිත විශාල පාරිසරික හානියකට විරුද්ධව වසරක පමණ කාලයක් තිස්සේ සටනේ නියුතු මෙම පුද්ගලයා මීට දෙදිනකට පෙර
මේ ගැන ජනමාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබිණි.

ඊයේ (01 දා) සවස ඔහු දියනෑමට ගොස් සිටිය දී පැමිණි දෙදෙනකු හිසට බෝතලයකින් පහර දී ඔහු වනාන්තරයේ කිලෝමීටර තුනක් පමණ ඇදගෙන ගොස් ගස් බැඳ පහර දී තිබේ. රිලාගල යාය සුරැකීමේ සටනින් ඉවත් නොවුනහොත් මරා දමන බව ද පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.

පහරකෑමට ලක්වී සිටි මේ පුද්ගලයා ගම්වාසීන් විසින් අද රාත්‍රී රෝහල් කරනු ලැබීය.

රිලාගල යාය විනාශ කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා එක්ව පරිසරවේදීහු සහ ගම්වාසීහු පසුගිය සතියේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka