gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන අලි කාලගුණ ඒකකයට පැනලා

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට විදුලි වැටද කඩාගෙන පැමිණි වල් අලි රංචුවක්‌ විසින් උඩවලව ජලාශ වේල්ලේ ඉදිකර තිබූ කාලගුණ ඒකකය පෙරේදා (01දා) රාත්‍රි සම්පූර්ණයෙන් කඩා විනාශ කර දමා ඇත.

මේ පිළිබඳව ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරු සුජීව
ගුණසේකර මහතාගේ උපදෙස්‌ පරිදි සෙවණගල පොලිසියට පැමිණිලි කර ඇත.

ඊයේ උදැසන 6 ට පමණ ජලාශයේ ජල මට්‌ටම, සුළඟේ වේගය, වාෂ්පීකරණය ආදී දත්තයන් ලබා ගැනීමට කාලගුණ ඒකකය වෙත ගිය කාර්මික නිලධාරියකු කාලගුණ ඒකකය අලින් විසින් විනාශ කර තිබෙනු දැක ඇත.

දැනට කර ඇති පරීක්‌ෂණවලට අනුව සිදුව ඇති අලාභය රු. ලක්‌ෂ 50 ඉක්‌මවන බව සුජීව ගුණසේකර මහතා පවසයි.

උඩවලව වනජීවී සංරක්‌ෂණ නිලධාරීන් මෙම ස්‌ථානයට පැමිණ පරීක්‌ෂා කළ අතර වන අලින් විසින් දේපළ හානි කිරීම පිළිබඳව වන්දි ලබාදීමට කටයුතු කරන බව පැවසීය. කාලගුණ ඒකකය යළි ඉදිකරන තෙක්‌ ජලාශයේ කිසිදු දත්තයක්‌ ලබා ගත නොහැකි බව ඉංජිනේරුවරයා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka