gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙලේ සුදා සහ සුසෙයිගේ සිර මැදිරි මාරු කරයි !

හෙරොයින් ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා සහ සුසෙයි නමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. සිරමැදිරියට දැමීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
මරණ දඬුවම හිමිවීමෙන් පසුව වෙලේ සුදා මේ දක්‌වා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්‌ටුවේ රඳවා තිබූ අතර සුසෙයි නමැත්තා වැලිකඩ එල්. වාට්‌ටුවේ රඳවා තිබිණි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉකුත්
සතියේ සිදුකළ විශාලතම ගොඩ බිම මත්කුඩු වැටලීමත් සමග එම ජාවාරම මෙහෙයවා තිබුණේ බන්ධනාගාරගතව සිටින සුසෙයි විසින් බවට හෙළිකර ගනු ලැබිණි.

ඒ අනුව ඉකුත් සතියේ වැලිකඩ එල්. වාට්‌ටුවේ රඳවා සිටි සුසෙයිව වෙලේ සුදා රඳවා සිටි චැපල් වාට්‌ටුවේ සිරමැදිරියට යවා තිබුණු අතර පසුව බදාදා 11දා රාත්‍රියේ ඔවුන් දෙදෙනාවම මේ අන්දමට වයි.ඕ. සිර කාමරයට දමා ඇත.

වෙලේ සුදා සහ සුසෙයි දෙදෙනාටම මේ වන විට මරණ දඬුවම ලැබී ඇත්තේ දැනට රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස්‌ පරීක්‌ෂක නියොමාල් රංගජීව සිදුකළ මෙහෙයුමකට අනුවය.

 මේ දක්‌වා වැලිකඩ වයි. ඕ. සිරමැදිරියේ රඳවා සිටි තවත් මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්‌ නමැත්තා වෙලේ සුදා සහ සුසෙයි එහි ගෙන ඒමත් සමග බදාදා (11 වැනිදා) රාත්‍රියේම මහර බන්ධනාගාරය වෙත නැවත මාරුකර යවා තිබේ.

මෙම වයි.ඕ. සිර කාමරය යනු වැලිකඩ බන්ධනාගාරයේ තරුණ රැඳවියන් රඳවා තබන වයි.ඕ. ශාලාවට ආසන්නයේ ඇති දැඩි ආරක්‌ෂාවක්‌ සහිත ස්‌ථානයකි.

කෙසේවුවද, අධි ආරක්‌ෂිත වයි.ඕ. සිරකාමරයේ සිටින කුඩු ජාවාරම්කරුවන් මෙතෙක්‌ කලක්‌ ජංගම දුරකථන භාවිත කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka