gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278 ක විශිෂ්ඨ ජයක් ලබයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 278 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 352ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවන ඉනිමේ දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 73ක් පමණයි.

ගාල්ල ජාත්යකන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා
කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 287ක් ලබාගත්තේය.

එහිදි දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158ක් ලබාගත් අතර පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රාබඩා කඩුලු 4ක් බිද හෙළීය.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 126කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහිදි දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක පෆ් ඩු ප්ලෙසිස් ලකුණු 49ක් ලබාගත්තේය.

ලකුණු 161ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 190ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වූ අතර කේෂාව් මහරාජ් කඩුලු 4ක් බිද හෙළීය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ද වැඩිම ලකුණු ලාභියා වු දිමුත් කරුණාරත්න ලකුණු 60ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් වූ අතර එහිදි දිල්රුවන් පෙරේරා කඩුලු 6ක් සහ රංගන හේරත් කඩුලු 3ක් බිදහෙළීමට සමත්විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka