gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලි ප්‍රශ්නයක් නිසා අයෙක් අධිබලති විදුලි කුළුණකට නගී (photos)

මනම්පිටිය ප‍්‍රදේශයේ වැලි කැණිම් කටයුතු සිදු කරන සමාගමක් විසින් තමන්ට වැලි ප‍්‍රවාහනය කිරීමට අවස්ථාවක් නොදී අසාධාරණයක් සිදු කළ බව පවසන ටි‍පර් රථ හිමියෙකු ඊයේ(02) එම වැලි කැණිම් කටයුතු භාරව කටයුතු කරන සමාගම ඉදිරිපිට පිහිටි අධිබලති විදුලි රැහැන් කුළුණක නැගී විරෝධතාවයක යෙදි සිටින බව පොළොන්නරුව පොලිසිය පවසයි.

මෙසේ විරෝධතාව දක්වා සිටියේ එම් ඩබ්ලිව් රංජිත්
බණ්ඩාර නම් 4 ඇළ පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ මේ දිනවල පොළොන්නරුවෙන් පිට වැලි ප‍්‍රවාහනය නතර කර ඇති බැවින් පොළොන්නරුවේ පමණක් ඇති ටි‍පර් රථ සඳහා පොළොන්නරුව තුළ වැලි ප‍්‍රවාහනය කිරිමට අවස්ථාව දෙන ලෙසයි.

පසුව එම ස්ථානයට පොලිසිය පැමිණ විරෝධතාකරු සහ අදාළ සමාගම සමග සාකච්ඡා කිරීමෙන් පසු සමාගම විසින් ලබන බදාදා දින සිට එම ටි‍පර් රථ සඳහා වැලි ලබා දීමට එකඟ වීමෙන් පසු පැය තුන හමාරක කාලයක් විදුලි රැහැන් කුළුණ මත නැඟ විරෝධතාවයේ නිරත ව සිටි ටි‍පර් රථ හිමිකරු විරෝධතාවය නිමා කළේය.

 සටහන සහ ඡායා - ඩබ්ලිව්. ඒ .පියතිලක - හිඟුරක්ගොඩ වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka