gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංගන හේරත් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසේ !

ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන ඉක්මනින්ම තීරණයක් ගන්නා බව ඔහු කියා සිටියේ බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු
යවන්නාවන 40 හැවිරිදි රංගන හේරත් ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාය.

මේ වන විට ටෙස්ට් තරග 90ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රංගන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 418ක් බිඳ දමා තිබේ.

ලබන බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භවන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායමේ නායකයා හා කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර මේ ගැන අවසාන තීරණයක් ගන්නා බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මම හිතනවා මමත් ඒවගේ කාලයක ඉන්නේ කියලා," ඔහු පැවසීය.

"සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මාස 3ක කාලයක් තියෙනවා. එහෙම තමයි මම මේ වෙනකොට සැළසුම් කර තිබෙන්නේ."

 වැඩිම කලක් ටෙස්ට් පිටිය නියෝජනය කළ ක්‍රීඩකයා:

 රංගන හේරත් එළඹෙන එංගලන්ත සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුනහොත් ඔහු එසේ සමුදෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කලක් ටෙස්ට් පිටිය නියෝජනය කළ ක්‍රීඩකයා ලෙසය.

1999 ටෙස්ට් වරම් ලැබූ රංගන හේරත් මේවන විට වසර 18කට වඩා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර පසුගිය ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවති තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාව වැඩිම කලක් නියෝජනය කළ ටෙස්ට් ක්‍රීඩකයා බවට ද පත්විණි.

ඒ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වසර 18යි දින 175ක් ශ්‍රී ලංකාව නියෝජනය කළ වාර්තාව බිඳ දමමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා සමග

"ගොඩක් සතුටුයි එච්චර කාලයක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන. නමුත් ඒකෙ වැදගත්ම දේ තමයි ඒ අවුරුදු 18න් 11ක් ක්‍රීඩා කරන්න ලැබුනා, අවුරුදු 7ක් ක්‍රීඩා කරන්න ලැබුනේ නැහැ," ඔහු පැවසීය.

"ඒ අවුරුදු 7 මම කරපු දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා, කොහොමද පුහුණුවීම් කළේ, තිබුණු උනන්දුව ගැන එහෙම."

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ ලබාදීමේ මුලිකයා බවට රංගන හේරත් පත්වූ අතර පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලි බහුතරයක ඔහු තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයකි.

රංගන හේරත්ගෙන් පසු ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය ගැන විමසීමේදී ඔහු පැවසුවේ පළපුරුදු දඟ පන්දු යවන්නෙකු වන දිල්රුවන් පෙරේරාගේ මූලිකත්වයෙන් අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් වැනි තරුණ දඟ පන්දු යවන්නන් ඉදිරියේදී හොඳින් දස්කම් පානු ඇති බවය.

(බීබීසී සිංහල සේවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka