gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපනයට ඇමතිවරු 11ක් මදිවට තවත් මන්ත්‍රී 2ක්

අධ්‍යාපන ඇමති, අධ්‍යාපන රාජ්‍ය ඇමති සහ පළාත් අධ්‍යාපන ඇමතිවරු 9 ක් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පත් කර තිබියදී පසුගියදා අධ්‍යාපනයට තවත් අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනක් පත්කිරීම බරපතල විහිළුවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් සටාලිං මහතා පවසයි .

මෙලෙස අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත්කර ඇත්තේ මාහාචාර්ය ආශු මාරසිංහ හා
ඉම්රාන් මහරුෆ් යන මන්ත්‍රීවරුන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

"අධ්‍යාපනයට 6% ක් වෙන්කරන බව පවසමින් බලයට පත් රජය අධ්‍යාපනයට සොච්චම් මුදලක් පමණක් වෙන්කර අධ්‍යාපනයට බරක් වන ලෙස අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කර ඇත. එම මන්ත්‍රීවරු සඳහා අවශ්‍ය පහසුකම්, කාර්යාල ලබාදීමට වැය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට වැය කිරීමට ඇති මුදල්ය. ලංකාවේ පාසල් 10152 න් රේඛීය අමාත්‍යාංශ්‍ය මගින් ඍජුවම පාලනය වන්නේ පාසල් 353 කි. සෙසු පාසල් පළාත් සභා පාලනය යටතේ පවතී. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 260 ක විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු කටයුතු විධිමත්ව කර ගත නොහැකි තත්වයක තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් ද නඩත්තු කිරීම අනවශ්‍ය වැයකි".

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඍජුව ඕනෑම අමාත්‍යාංශයක් අධීක්ෂණය කිරීම හා සොයා බැලීමට හැකියාව තිබියදී මේ ආකාරයෙන් සුවිශේෂ මන්ත්‍රීවරු පත් කිරීම ආණ්ඩුවේ අර්බුද වසා ගැනීමට දරණ ප‍්‍රයත්නයකි. ඇමතිවරු 20 කට සීමා කිරීමට බලයට පැමිණි රජයක් මේ ආකාරයෙන් දේශපානඥයන්ට වරදාන දෙන තත්ත්වයෙන් කටයුතු කිරීමත්, ඒ සඳහා රටේ අධ්‍යාපනය යොදා ගැනීමත් බරපතල ගැටලූවකි".

එසේම පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවක් ද පවතින අතර, එමගින් ද අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගන්නා තත්වයක මෙවැනි පත් කිරීම් අනවශ්‍ය බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka