gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රක්ෂිතයේ අක්කර 50 ක් ගිනි ගනී…

වව්නියාව,කුරුදුපිටිය රක්ෂිත සීමාවේ ඇති වු ගින්නකින් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ කිසියම්  පුද්ගලයෙකු හේන් වගා කිරීමට කැළැවකට ගිනි තැබීම හේතුවෙන් රක්ෂිත
ප්‍රදේශය ව්‍යාප්ත වී ගිනිගෙන කැළැව විනාශ වි ඇති බවටයි.

මේ දිනව  පවතින වියළි හා සුළං කාළගුණ තත්වය හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වි ගොස් ඇති අතර ගින්න සම්බන්ධයෙන් වව්නියාව ගිනි නගර සභා ගිනී නිවීමේ ඒකකයට දැනුවත් කිරීමෙන් අනතුරුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සහයෝගය හා පොලිස් ජල බවුසර යොදා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලීසිය පැවසීය.

ගින්න තැබීම සිදුකළ පිරිස සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය ප්‍රකාශ කළ අතර, වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka