gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්දිමාල්ට ටැක්ස් ෆයිල් නෑ !

පසුගියදා ආන්දෝලනාත්මක උපන්දින සාදයක් පවත්වන ලද චන්දිමාල් ජයසිංහ නම් රූපලාවන්‍ය ශිල්පියා නමින් හෝ ඔහුගේ ආයතය වන චන්දිමාල් බ්‍රයිඩල් ඇන්ඩ් බියුටි සැලෝන් (Chandimal Bridal And Beauty Salon) යන ආයතනයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසිදු බදු ලිපිගොනුවක් නැතැයි වාර්තා වේ.

අදාළ සාදයට රුපියල් කෝටි 2කට වැඩි මුදලක් වැයවන්නට ඇති බවට මාධ්‍ය වාර්තා පලවුවද,
චන්දිමාල්  අදහස් දක්වමින් එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එසේම තමා දුක් මහන්සියෙන් හම්බකළ මුදල සම්බන්ධයෙන් කිසිවකුට කිවයුතු  නැතැයිද ඔහු එහිදී පවසා තිබිණි.

කෙසේවුවද, සිය සාදයට 800ක් පමණ පිරිසක් සහභාගිවූ බවත්, මාධ්‍යවේදීන් 80 කට ආවරණය කිරීමට ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබූ බවද ඔහු හෙළිකර තිබිණි.

ෂැංග්‍රි-ලා හෝටලයේ මේ සාදය පැවැති අතර එම හෝටලයේ එක් අයෙකුගේ කෑම වේලකට රුපියල් 6,650/- ක් පමණ වන බැවින් එම අමුත්තන්ගේ කෑම වෙනුවෙන් රැපියල් 5,320,000/- ක් වැයවන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

එසේම එහිදී වටිනා තෑගි ආරාධිතයන්ට ලැබුණු බවත්, සැරැසිලි හා අනෙක් කාරණා සම්බන්ධයෙන්ද විමසීමක් කිරීමේදී රුපියල් කෝටියකට ආසන්න මිලක් වැයවන්නට ඇති බවට අනුමාන කළ හැකි වේ.

විමල්ගේ පාටිය !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය අප්‍රේල් 12 වැනිදා ෂැංග්‍රි-ලා හෝටලයේ සිය දියණිය 2017 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහලින් සමත්වීම වෙනුවෙන් පැවැත්වූ සාදයට රුපියල් ලක්ෂ 50ක වැඩි මුදලක් වියදම් වී ඇති බව "අනිද්දා" පුවත්පත වාර්තා කර තිබිණි.

එම සාදයට සහභාගිවූ අමුත්තන් ගණන 800ක් බවටද එම පුවත්පත අනුමාන කර තිබිණි.

චන්දිමාල් නෙත් වෙත දක්වා තිබූ අදහස් පහත වීඩියෝ වේ.



කෝට්ටේ රජමහ විහාරයේ බස්නායක නිලමේ

චන්දිමාල් මහතා කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවේද සිටින අතර ඔහු එහි බස්නායක නිලමේවරයෙක් ලෙස ද කටයුතු කර ඇති බව පැවසේ.

තමා ලබන වසරේ මීටත් වඩා විශාල උපන්දින සාදයක් පවත්වන බවත්, තමා කිසිවකුටත් බිය නැති බවත් ඔහු කියා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka